23042024Tue
Last update:Thu, 18 Apr 2024

සහයෝගිතා ගිවිසුම්වලට බියවිය යුතු නැහැ

Ranil Wickramasinghe Dec4ලෝකයේ විවිධ රටවල් සමඟ අස්සන් කිරීමට සැරසෙන සහයෝගිතා ගිවිසුම් සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැති බවත්, එවැනි ගිවිසුම් අස්සන් කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) අවධාරණය කළේය. වත්මන් රජය මේ සියල්ල සිදුකරන්නේ රට වෙනුවෙන් හා රටේ අනාගතය වෙනුවෙන් බවත් තව දුරටත් ළිං මැඩියන් සේ කටයුතු කළ නොහැකි බවත් අගමැතිවරයා පැවසීය. වේගයෙන් ඉදිරියට යන ලෝකයත් සමඟ වේගවත්ව ඉදිරියට යායුතු අතර පුළුල් මනසකින් ලෝකය දෙස බැලිය යුතු බවද අගමැතිවරයා පැවසීය. ඉන්දියාව සමඟ අත්සන් කිරීමට සැරසෙන ගිවිසුම පිළිබඳව ඇතැම් කණ්ඩායම් වැරැදි මත පතුරුවාලීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.


ජර්මානු පාර්ලිමේන්තු කණ්ඩායමක් මාර්තුවේ ශ්‍රී ලංකාවට

german parliamentශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්‍රස්ථා විමසා බැලීම සඳහා ජර්මන් ජනරජයේ ඉහළ මට්ටමේ නියෝජිත කණ්ඩායමක් ලබන මාර්තු මාසයේදී මෙරටේ සංචාරයක නියුතු වන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති තුමා උණුසුම් අයුරින් පිළිගත් අයුරු

05col141848799 4034479 21022016 slm cmyදෙදින නිල සංචාරයකට ඔස්ට්‍රියාවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඔස්ට්‍රියා ජනාධිපති තුමා උණුසුම් අයුරින් පිළිගත් අවස්ථාවයි මේ

යුද්ධයක් යළි ඇති නොවන රටක් බිහිකිරීමට කැප වෙනවා

colmaithripala sirisena112637539 3923785 11012016 arr gryදහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය තහවුරු කරමින් යළි යුද්ධයක් ඇති නොවන රටක් බිහිකිරීමේ කාර්යයේ නිරත වෙමින් සිටින බව ඔස්ට්‍රියාවේ ශ්‍රී ලාංකිකයින් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

සියලුම බර යහපාලන ආණ්ඩුවට දරන්න වෙලා

colimg 1514141324523 4034462 21022016 slm cmyපසුගිය රජය සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කර දැනට ප්‍රයෝජනයක් නොගන්නා ව්‍යාපෘතීන් තුළින් ආදායම් ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මේ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා සාකච්ජා පවත්වා ඇති අතර ඒ වැඩපිලිවෙලට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ දායකත්වය හිමි වේ.

කච්චතිව් වාර්ෂික මංගල්‍යයට වාර්තාගත බැතිමතුන්

colruk 3228155546161 4034603 21022016 slm cmyඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වූ කච්චතීව් දුපතේ වාර්ෂික මංගල්‍යය ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාසම් යාපනය රදගුරුතුමන්ගේ ප්‍රධානාත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත් විණි.

ජර්මානු සංචාරය අරඹමින් ජනාධිපතිතුමා දිවයිනෙන් පිටත්ව යයි …

President1 10sජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජර්මනියේ තෙදින රාජ්‍ය සංචාරයක් සහ ඕස්ටි‍්‍රයාවේ දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (15) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.