29032024Fri
Last update:Mon, 04 Mar 2024

කච්චතිව් වාර්ෂික මංගල්‍යයට වාර්තාගත බැතිමතුන්

colruk 3228155546161 4034603 21022016 slm cmyඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වූ කච්චතීව් දුපතේ වාර්ෂික මංගල්‍යය ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාසම් යාපනය රදගුරුතුමන්ගේ ප්‍රධානාත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත් විණි.

මෙවර මංගල්‍යට දෙරටේ බැතිමතුන් 8000 ට අධික පිරිසක් සහභාගි වූ අතර එය ඉතිහාසයේ මෙතෙස් සහභාගි වූ වැඩිම බැතිමතුන් පිරිස වූහ.

ඉන් බැතිමතුන් ඉන් 4605 ක පිරිස ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයක් වූ අතර කච්චතීව් මංගල්‍යට මෙතරම් ශ්‍රී ලංකික බැතිමතුන් පිරිසක් සහභාගි වූ ප්‍රථම අවස්ථාව ද මෙය විය.

ශ්‍රී ලංකික බැතිමතුන් ටෝලර් යාත්‍රා 203 ක ද ඉන්දියාවේ සිට ට්‍රෝලර් යාත්‍රා 94 කින් ද දුපත වෙත පැමිණ සිටියහ. මේ සඳහා නාවික හමුදාවට අයත් විවිධ යාත්‍රා 25 ක් පමණ යොදවා තිබුණි.

මෙම මංගල්‍ය යාපනය අවට දෙවස්ථානවලට අයත් පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් 100 ආසන්න පිරිසක් ද, දකුණු ඉන්දියාවේ දේවස්ථාන රැසක් නියෝජනය කරමින් පූජකවරුන් ද 150 ද කන්‍යා සොහොයුරියන් 50 දෙනකු පමණ පිරිසක් සහභාගි වී සිටියහ.

පෙරවරු 7.00 ට ප්‍රධාන දේව මෙහෙය ආරම්භ වූ අතර ජස්ටින් ඥානප්‍රකාසම් යාපනය රදගුරුතුමන් ඇතුළු පියතුමන්ලා නාවික හමුදා තූර්යවාදක කණ්ඩායම පෙරටුකරගෙන දර්ෂණීය පෙරහරකින් දේවස්ථානය වෙත පැමිණියහ.

උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ. එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී විජයකලා මහේෂ්වරන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා , යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් යන මහත්ම මහත්මීන් සමග ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද මෙම පෙරහැරේ ගමන් ගත්හ.

දේව මෙහෙයට සහභාගිව සිටි දෙරටේ බැතිමතුන් අමතමින් ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාසම් යාපනය රදගුරුතුමන් ප්‍රකාශ කළේ මෙතරම් දුෂ්කරතාවන් මධ්‍යයේ දෙරටේ බැතිමකුන් විශාල පිරිසක් සහභාගී වීම පිළිබඳව තමන් සතුටු වන බවත් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව මුහුණ දෙන සියලු ප්‍රශ්න ඉක්මනින්ම විසඳේවා යනුවෙන් තමන් ප්‍රාර්ථනා කරන බවත්ය.

එමෙන්ම ඉදිරි වසරේ කච්චතීව් දේව මෙහෙය නව ගොඩනැඟිල්ක සිට පැවැත්වීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් නාවික හමුදාපතිවරයා මෙම ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කරීමට එකග වූ බවද උන්වහන්සේ පැවසූහ.

මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාටත් පොලිසිය ඇතුළු විශේෂයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවටත් තමන්ගේ ස්තූතිය පුදකරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

මෙම දේව මෙහෙය ද්‍රවිඩ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමෙන් සිංහල ජනතාව අපහසු තාවයට පත්වන බවත් සිංහල භාෂාවෙන් ද දේව මෙහෙය පවත්වනේ නම් එය ඉතාමත් සතුටට කරුණක් බවට පැමිණ සිටි බැතිමත්හු එහිදී ප්‍රකාශ කළහ.

එහිදී මාධ්‍යවේදීන් උතුරේ ආණ්ඩුකාරවරයා වෙත දැනුම් අතර ඒ සම්බ්න්ධයෙන් ඉදිරියේ ගන්නා පියවර පිළිබඳව ද ආණ්ඩුකාරවරයා ගෙන් විමසීම් කළේය.

එහිදී ආණ්ඩුකාරවරයා මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.

කච්චතීව් දුපතට මම පැමිණි ප්‍රථම අව්ස්ථාව මෙයයි. මේ දුපත සිරිමා ශාස්ත්‍රි ගිවිසුම යටතේ ඉන්දියාවේ ලාල් ශාස්ති‍්‍ර පැවරුවා. අද වන විට මෙම දුපත සුහදතාවය , සහෝදරත්වය ගොඩනගන්න කදිම පාළමක් වෙලා. මීට පෙර මෙම දේව මෙහෙයට ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසක් පිරිසක් සහභාගි වී සිටියා . නමුත් මෙවර ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වීම ඓතිහාසික අවස්ථාවක් වශයෙන් මම දකිනවා. නාවික හමුදාව ඇතුළුව හමුදාවේ පොලිසියේ සියලු දෙනා කිසිදු භේදයකින් තොරව ලබාදුන් සහයෝගය පිළිබඳව උතුරු ආණ්ඩුකාරවරයා වශයෙන් මම සතුටු වෙනවා.

මේ රටේ සංහිදියා ප්‍රථිපත්තිය සාර්ථාව ඉදිරියට ගෙනයන්න මෛති‍්‍රපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මත භේදයකින් තොරව කි‍්‍රයාකරනවා. සංහිඳියාව වැඩිපුරම ඇතිවෙන්නේ ආගම තුළින් බවට තමන්ගේ විශ්වාසය යැයි ද රෙජ්නෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එහිදී මෙසේ පැවසීය.

පසුගිය වසරට වඩා මෙවර විශාල බැතිමන් පිරිසක් සහභාගි වූ වසරක්.

මෙම දේව මෙහෙය සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව මාසයක පමණ කාලයක් සිට කැප වෙනවා. මේ බැතිමතුන් සඳහා ශ්‍රී ලංකා රජය ආරක්ෂක අමාත්‍යාංශය ජලය, ආහාර සහ සනීපාරක්ෂක පහසුම් අඩුපාඩුවකින් තොරව සපයා දුන්නා.

ආහාර සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේ ඉන්දියානු මහ කොසමාරිස් කාර්යාලයෙන්. මේ අවස්ථාන සාර්ථක කර ගැනීමට සහය දුන් ආරක්ෂක ලේකම්වරයාටත්, උතුරු ප්‍රදේශය බාර ආඥාපතිවරයා ඇතුළු සියලු නාවිකයන්ට මගේ ස්තූතිය හිමිවන බවද නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.