26042024Fri
Last update:Thu, 18 Apr 2024

නේපාලයේ සහන සේවාවල නිරත ශ්‍රී ලංකා හමුදාව වෙසක් සමරයි

n1505064නේපාලයේ සහන සේවා කාර්යයන්හි නිරත වන ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සහන සේවා කණ්ඩායම නේපාල වෙසක් උත්සවය පැවැත්වුණු මැයි 5වනදා බනේපා නගරයේ පිහිටි ධ්‍යානකුටි බෞද්ධ විහාරස්ථානයේ (Dhyankuti vihar of Banepa) ආගමික වතාවත්වලට සහභාගී වූහ.


දූෂණ චෝදනා එල්ල වූ මැති ඇමැතීන්ගේ පරීක්ෂණ අවසන්

ඉදිරි සතියේ නීතිමය පියවර

පසුගිය රජය සමයේ දූෂණ, වංචා පිළිබඳ චෝදනා එල්ල වූ මැති ඇමැතිවරුන් රැසක් පිළිබඳ රහස් පොලිසිය සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ පරීක්ෂණ මේ වන විට අවසන් වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම වංචා, දූෂණ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය කාලය පුරා ඒ ඒ චෝදනාවන්ට ලක්වූ මැති ඇමැතිවරුන් හා ඊට අදාළ රජයේ නිලධාරින් කැඳවා දිගින් දිගටම ප්‍රශ්න කරන ලදී.‍

20 සම්මත කර මැතිවරණයක්

මෙවර ඡන්දය පවතින ක්‍රමයට
පළාත් පාලනය කොමසාරිස් යටතට එජාපය අවධාරණය කරයි

විසි වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව මහ මැතිවරණයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. දැනට පවතින මැතිවරණ ක්‍රමයට මහ මැතිවරණය පවත්වන අතර ඉදිරි කාලයේදි එන මැතිවරණ විසි වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ ක්‍රමයට පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා කීය.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන 15 දා සිට

ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ ප්‍රතිශෝධන ආකෘති පත්‍ර බෙදා හැරීම මේ මස 15 වනදා සිට ආරම්භ කෙරෙයි.

මෛත්‍රී මහින්ද හමුව ස්ථිරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම එකඟතාවය පළකර ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

දන්සල් හයදහස ඉක්මවයි

රට පුරා වෙසක් දන්සල් 6361ක් ලියාපදිංචි කැර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි. රට පුරා ඉරිදා සහ සඳුදා පැවැත්වෙන දන්සල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1800ක් යොදවා ඇති බව සෙනරත් බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරුන් තේරීම කේවල ක්‍රමයට

Rajitha2ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය ගෙන ඒමෙන් පසු පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී කේවල ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.