19042024Fri
Last update:Thu, 18 Apr 2024

සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරති

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් සමයේ දී ප්‍රදර්ශනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරති.

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් TG 307 විශේෂ ගුවන් යානය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එහිදී යූ නයනා වුන් තා හිමියන් ප්‍රමුඛ මහ සඟරුවන බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවූහ. 

උන් වහන්සේලා ප්‍රමුඛ මියන්මාර් නියෝජිත කණ්ඩායම විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විසින් ගුවන් තොටුපළේ දී මහත් හරසරින් පිළිගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි දහම් පාසලේ විදුහල්පති පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන් ද මියන්මාරයට වැඩම කොට එරට නියෝජිත කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙය බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන දුර්ලභ අවස්ථාවක් වන අතර එම සර්වඥ ධාතූන් වහන්සේලා එළඹෙන ජූනි මස 8 දා තෙක් ශ්‍රී ලංකාවේ ස්ථාන 19ක දී ප්‍රදර්ශනය කිරීමට සැළසුම්කර තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.