25042024Thu
Last update:Thu, 18 Apr 2024

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන 15 දා සිට

ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ ප්‍රතිශෝධන ආකෘති පත්‍ර බෙදා හැරීම මේ මස 15 වනදා සිට ආරම්භ කෙරෙයි.

මේ ආකෘති පත්‍ර ග්‍රාම නිලධාරිවරුන් විසින් ගෙයින් ගෙට බෙදාහැරීමේ කටයුතු සිදුකිරීම ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. මේ මස 15 වනදා සිට ආරම්භ කෙරෙන මේ කටයුතු ජුනි මස 15 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ද එම කාර්යාලය සඳහන් කරයි.

බී, සී ආකෘති පත්‍ර ලැබුණු වහාම එම ආකෘති පත්‍රය හැකි ඉක්මනින් නිවැරැදිව පුරවා යළිත් ග්‍රාම නිලධාරිවරයා වෙත බාරදීමට කටයුතු කරන ලෙසද මහජනතාවගෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කරයි. සේවා අවශ්‍යතාවන් මත එම කාලය තවදුරටත් දිගුවිය හැකි බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසන අතර මේ වනවිටත් ග්‍රාම නිලධාරීන් මහත්ම මහත්මීන් ඒ පිළිබඳ දැනුවත් කරමින් පවතින බවද පවසයි.

අදාළ බී, සී ආකෘති පත්‍ර සඳහා අත්සන් තැබීමේ කටයුතු මැතිවරණ කොමසාරිස්වරයා විසින් සැප්තැම්බර් මාසයේ දී පමණ සිදුකිරීමට නියමිත වන බවත් ඉන් අනතුරුව ඉදිරි මැතිවරණ සඳහා 2015 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගනු ලබන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. පසුගිය වසරවල මේ කටයුතු සිදුකෙරුනේ ජුනි මස පළමුවනදා සිට 30 වනදා දක්වා වේ.