ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සමුළුව
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කල්මුණේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මු. කො. නායක රාහුෆ් හකීම්, විපක්ෂනායක ආර්. සම්බන්ධන් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ජනතාවට ආචාර කළ අයුරු. ඡායාරූපය - සුදත් මලවීර
රටේ ජනතාව නිදහස භුක්ති විඳින ආකාරය විරෝධතා , පෙළ පාළි, සහ රැස්වීම්වලින් තහවුරු වන බවත් ඒවා මෙහෙයවන නායකයන් සුදු වෑන් යවා අතුරුදහන් කරවීම අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
රාජපක්ෂ ආණ්ඩුව මන්දිර ඉදි කළේ තම සුඛවිහරණය සඳහා පමණක් වුවද තම ආණ්ඩුව ක්‍රියා කරනුයේ පොදු ජනතාව මන්දිරවල ජීවත්කර වීමට යැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉංජිනේරුවරියක වී රටට සේවය කිරීම මගේ අපේක්ෂාවයි
යුද්ධය හේතුවෙන් ජනතාව අත්හැර දැමූ සහ සංවර්ධනයට ලක් නොවූ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ දුෂ්කර ප‍්‍රදේශ සංවර්ධනය සඳහා විදේශ ආධාර සපයාදීමේ අරමුණින් රටවල් 33 ක තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු නියෝජිතයින් අද (14) පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සංචාරයක නිරත විය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයසිංහ පේමරත්න මහතා විසින් ලියන ලද “ජාතික සමගිය සංහිඳියාව සහ වාර්ගික ගැටලුවට විසඳුම” නමැති කෘතිය පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අයුරු. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර යන මහත්වරුද ඡායාරූපයේ සිටිති. ශ්‍රී.ල.ම. අධිකාරියේ හිටපු අතිරේක අධ්‍යක්ෂ (පාලන) ඒ. අත්තනපොල, විශ්‍රාමලත් නි.අධ්‍යාපන අධ්‍යක්ෂ (කුරුණෑගල) ආර්. ඩී. ඒ. ජයසුන්දර යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.
මුළු දිවයිනටම බලපාන අයුරින් විදුලි බලය ඊයේ (13) බිඳ වැටීම තුන්වෙනි වරටත් සිදුව ඇති බවත් එය ඉතා බරපතළ තත්ත්වයක් වන හෙයින්මෙවැනි සිදුවීම් සඳහා තවදුරටත් සමාව දිය නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.