28092023Thu
Last update:Tue, 01 Aug 2023

සුදු වෑන් යැවීම අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවේ

11 kreeda 01රටේ ජනතාව නිදහස භුක්ති විඳින ආකාරය විරෝධතා , පෙළ පාළි, සහ රැස්වීම්වලින් තහවුරු වන බවත් ඒවා මෙහෙයවන නායකයන් සුදු වෑන් යවා අතුරුදහන් කරවීම අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

විරෝධී කණ්ඩායම් කුමන සටන් පාඨ ඉදිරිපත් කළ ද රට පාලනය සඳහා ජනතාව ලබා දුන් තීන්දුව කිසිදු බලවේගයකය වෙනස් කළ නොහැකි යැයි ද එම ජනවරම ඉදිරි පස් වසරක කාලය සඳහා නොවෙනස්ව ක්‍රියාත්මක වෙන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ අම්පාර, පළමුණි ක්‍රීඩා සංකීර්ණයේ දී පෙරේදා (19)දා පෙරවරුවේ පැවැති මුස්ලිම් කොංග්‍රසයේ 19 වැනි ජාතික සම්මේලනයට එක් වෙමිනි.