05022025Wed
Last update:Tue, 07 Jan 2025

රටවල් 33 ක තානාපතිවරු පොළොන්නරුවේ සංචාරයක

President 07 6 16යුද්ධය හේතුවෙන් ජනතාව අත්හැර දැමූ සහ සංවර්ධනයට ලක් නොවූ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ දුෂ්කර ප‍්‍රදේශ සංවර්ධනය සඳහා විදේශ ආධාර සපයාදීමේ අරමුණින් රටවල් 33 ක තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු නියෝජිතයින් අද (14) පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සංචාරයක නිරත විය.

අද පෙරවරුවේ මැදිරිගිරිය මීගස්වැව ප‍්‍රදේශයෙන් සංචාරය ආරම්භ කෙරුණු අතර වඩිගවැව ගම්මානය ගොඩපොත්ත – බෙරුවිල මාර්ගයේ පතොක්වැව හන්දියේ සිට පල්ලියගොඩැල්ල මාර්ගය තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ විදෙස් නියෝජිතයින්ගේ නිරික්ෂණයට ලක් විය.
ඔවුන් වෙනුවෙන් සූදානම් කළ දිවා භෝජන සංග‍්‍රහය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී පැවැත්විණි.

අනතුරුව තානාපතිවරුන් ඇතුළු පිරිස වැලිකන්ද ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහවැලිතැන්න ගම්මානයේ සහ සිංහපුර පාසල, කුඩාපොකුණ මුස්ලිම් සහ දෙමළ ගම්මාන නිරික්ෂණයට එක් විය.

ජපානය, නෙදර්ලන්තය, කැනඩාව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, මියන්මාරය, ඉරානය, බ‍්‍රසීලය, කොරියාව, ඉතාලිය, පාකිස්ථානය ඊජිප්තුව, වියට්නාමය, මාලදිවයින ඇතුළු රටවල් 33 ක් නියෝජනය කරමින් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ නියෝජිතයින් සංචාරයට එක් විය.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.

02

03

04

06

08

10