19052024Sun
Last update:Wed, 08 May 2024

අගමැතිගේ විශේෂ ප්‍රකාශය - update

ranil wickremesinghe 04Janඉතිහාසයේ පෙර නොවූ විරූ සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා සංවර්ධනය ව්‍යාප්ත කරලීම සඳහා නව වසරේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

එය බස්නාහිර පළාතේ සිට ත්‍රීකුණාමලය දක්වාද, හම්බන්තොට සිට යාපනය දක්වාද සිදුකරන බවයි අගමැතිවරයා පවසන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී විවිධ චෝදනා හා විවේචන එල්ල විය හැකි වුවත්, ඒ පිළිබඳ තැකීමක් නොකොට අවසන එකී විවේචකයින්ද දායක කරගනිමින් මෙම ගමන යාමට හැකිවනු ඇති බව ද එතුමා පැවසී්‍ය.

2015 ජනවාරි මස 08 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගනිමින් රටට ලබා ගත් වරප්‍රසාදය මේ වසරේ ගෙදරට ලබා ගැනීමට අදිටන් කරගත යුතු බවත්, ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ පසුගිය වසරේ රටේ පාලනය ලබාගන්නා විට මානව හිමිකම් ප්‍රශ්න ආදියෙන් ලෝකය සහ මෙරට දුරස්ථව තබා තිබුණු බවත්, අද වන විට ලෝකය ජය ගැනීමට හැකිවී ඇති බවත්ය.

උතුරේ දුක් විඳින ජනයාගේ ඉඩම් ආපසු ලබාදෙමින් ඔවුන් නැවත පදිංචි කරවීමට කටයුතු කිරීමට හැකිවුණු බවත්, දේශපාලන වශයෙන් ලැබූ ස්ථාවරත්වය ආර්ථික හා සාමාජීය වශයෙන්ද අත්පත් කරගත යුතුව ඇති බව ඔහු අවධාරණය කළේය.

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් - 2016-01-04 08:07:59 - update

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 9.30ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.