21052024Tue
Last update:Wed, 08 May 2024

කොමිසම ගැන තීන්දුව හෙට - update

jnaadhipti komismබරපතල වංචා හා විමර්ශන කොමිසම බලරහිත යැයි මහින්ද රාජපක්ෂගේ නීතිවේදී ගාමිණී මාරපන නැගූ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙටට (16) කල් දැමූ බව කොමිසම නිවේදනය කර තිබේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති බරපතල අපරාධ හා වංචා විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිසමට කැඳවීමට බලයක් නැතැයිද කොමිසම නීති විරෝධී යැයිද හිටපු ජනපතිගේ නීතිඥ ගාමිණී මාරපන අද  මූලික විරෝධතාවයක් මතු කළේය.

එමෙන්ම බරපතල එම කොමිසමට මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලයක් ජනපතිට නැති බව ද පෙන්වා දී ඇත.

කොමිසමේ කිසිම කටයුත්තක් නීතියට එකඟ නැති හෙයින් හිටපු ජනපතිවරයා කැඳවූ ස්වාධීන රූපවාහිනී දැන්වීම් සිද්ධියේ කෙළවරක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිටින බව ඔහු කියා ඇතැයි සදහන්.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර පිළිතුරු දෙමින් කියා සිටියේ කොමිෂන් සභා පනත යටතේ විනිසුරුවරුන් පත් කිරීමේ බලය ජනපතිවරයාට ඇති හෙයින් මාරපනගේ මූලික විරෝධය ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

කොමිසමේ සභාපති මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු පංච පුද්ගල කොමිසම අද හිටපු ජනපති කොමිසම හමුවට කැඳවිණි. 


මේ අතර මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම් වන රොහාන් වැලිවිටගේ අත්සනින් යුත් ලිපියක් විමර්ශන කොමිසම ඉදිරිපිට අත්පත්‍රකා කිහිපයක් බෙදා ඇත.

මේ අදාළ ලිපියයි -