18042025Fri
Last update:Tue, 07 Jan 2025

(KIND) සන්නාම තානාපතිවරුන් පත් කෙරේ

sannamaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ වකුගඩු රෝගය මැඩලීමේ තිරසාර වැඩසටහනට (KIND) සමගාමීව දියත් කෙරුණු ජාතික වකුගඩු අරමුදල තරකරනු වස් පිහිට වූ ජාතික වකුගඩු අරමුදලේ සන්නාම තානාපතිවරුන් ලෙස ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් අද පස්වරුවේ ජනාධිපතිතුමන් විසින් නිල වශයෙන් පත් කරන ලදී.

 කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ආරම්භ කිරීමට පෙර පැවති මෙම අවස්ථාවට  ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් ඇතුලු ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ද එක්ව සිටියහ.

ජනාධිපතිතුමා අද දින තරගයට සහභාගි වන ශ්‍රී ලංකා - පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් සුහදශීලීව පිළිගැනීම ද මෙහිදී සිදුවිය.

මෙම ජාතික වැඩසටහන සංකේතවත් කරමින් සමරු සටහනක් තැබීම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිදුකෙරුණු අතර අනතුරුව ජනාධිපතිතුමා ක්‍රිකට් තරගය නැරඹීමට ද එක්විය.