30042024Tue
Last update:Thu, 18 Apr 2024

ගංවතුරේ බළපෑම - images

g 1දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන ධාරා නිපාත වැස්ස හේතු කොට ගෙන ඊයේ සවස් වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3400ක් සහ පුද්ගලයින් 14000 අධික පිරිසක් අවතැන් තත්වයකට පත් වි ඇතැයි ගාල්ල දිසා ලේකම් කාර්යාලය පවසයි.

මෙම පිරිසට අමතරව මේ වන විට නිවාස 14ක් පුර්ණ තත්වයයෙන් විණාශ වි තවත් 54ක් අර්ධ හානි තත්වයට පත් වි ඇතැයි පෙන්වා ‍දෙයි.

මෙයට අමතරව ගාල්ල දෙනියාය මාර්ගයේ ද ස්ථාන කිපයකට කදු කඩා වැටි ඇති අතර නිවාස කිපයකට හානි වි තිබේ.

කෙසේ වුවද  අවශ්‍ය සියළ දෙනාටම අවශ්‍ය සියළු ආධාර නොඅඩුව ලබා දිමට සියලු පියවර ගෙන ඇතැයි ගාල්ල වැඩ බලන දිසා ලේකම් මාලනි ලොකු පෝතාගම පැවසිය.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපැ ඇති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අක්මීමන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මේවන විට පවුල් 347ක් අවතැන් වී පුද්ගලයින් 1353ක් විපතට පත් වී ඇත.

මාදොල පිටාර ගැලීමෙන් නිවෙස් කිහිපයක් යටවී ඇති බවද දක්නට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කදු කඩා වැටීම්වලින් හා තවත් නොයෙක් හේතු නිසා නිවාස වලට අලාභ හානි සිදුවී ඇති අතර කොට්ටාශයේ ග්‍රාම නිලධාරි වසම් 19ක ජනතාවක් මෙසේ අවතැන් වී ඇත.

විශේෂයෙන් බටදූව, මැටරඹ, දිවුලාන, පිලාන, පින්නදූව, පින්නදුව ජනපදය, අම්බලන්වත්ත, නාගහවත්ත, බදුන්ගොඩ, කැටැන්දොළ,ඉහළගොඩ නැගෙනහිර හා බටහිර ඇතුළු ග්‍රාමනිලධාරී වසම් 19ක ජනතාව මෙලෙසින් විපතට පත් වී ඇත.

විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ වන විටත් කඩිනමින් කටයුතු සැලසුම් කර ඇති අතර පිසූ ආහාර ලබාදීමට කටයුතු දියත් කරමින් සිටී.

මේවන විටත් අධික වර්ෂාව ගාල්ල දිස්ත්‍රික්කය පුරා ඇදහැලෙන අතර අක්මීමන ප්‍රා.ලේ. කොට්ඨාශය හරහා ගලායන ප්‍රධාන ඇළ මාදොල ඇල මේ වන විටත් පිටාර ගලා ඇත.

එමෙන්ම මේ වනවිට ගිංගග පිටාර ගැලීමෙන් ප්‍රදේශ ලේකම් කොට්ඨාශ කිහිපයකම දහස් ගණනක් අවතැන් වී ඇත. මේ වන විට ඇදහැලුන අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ වන් පිළිබදව ඒ ඒ ග්‍රාම නිලධාරී වසම්වලින් මේ වන විටත් තොරතුරු ලැබෙමින් පවතින බව අක්මීමන ප්‍රා.ලේ. තුෂාරි ජාගොඩ පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුන අධික වර්ෂාවෙන් හබරාදුව ප්‍රදේශයේ නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති අතර දිස්ත්‍රික්කයේ තවත් නිවාස පහකට අර්ධහානි සිදුව ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංගග, පොල්අතුමෝදර ගග හා කොග්ගල කළපුවට සම්බන්ධ කදංකෙටිය ඇල උතුරා යාම හේතුවෙන් මෙසේ ප්‍රදේශ හා නිවාස රැසක් ජලයෙන් යටව පැවතිනි.

මීට අමතරව වර්ෂාව හේතුවෙන් ගාල්ල වක්වැල්ල මාර්ගය, ගාල්ල ඉමදුව මාර්ගය, ඉමදුව යක්කලමුල්ල මාර්ගය, අහංගම කෝදගොඩ මාර්ගය, ඉමදුව වැගිලම මාර්ගය ඇතුළු මාර්ග ගනණාවක් මෙන්ම වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලට අයත් කනංකේ සියළු අතුරු මාර්ග ජලයෙන් යට වී තිබුණි.

බෙහෝ අතුරු හා ප්‍රධාන මාර්ග වලට ගස් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබු අතර ඒවා ඉවත් කිරීම ද යුහුසුළුව සිදුවිය.

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් හොරදුගොඩ නැගෙනහිර ප්‍ර දේශයට දැඩිව ගංවතුර තත්වය බලපා තිබුණි.

එම ප්‍රදේශයේ 200කට ආසන්න පිරිසක් අවනැත්ව සිටී. ඒ සියළු අයට අවශ්‍ය පානීය ජලය ඇතුළු ආහාර පාන ලබා දීම සදහා රාජ්‍ය නිලධාරීන් කටයුතු කර තිබුණි.

මේ අතර ගාල්ල කරාපිටිය රෝහලට පැමිනෙන මාර්ග රැස්ක ජලයෙන් යටව තිබීම නිසා විකල්ප මාර්ග භාවිතා කිරීමට රෝහලට පැමිණෙන අය‍ෙ සිදුව තිබුනි.

 

එමෙන්ම පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යට වීම නිසා ගමනාගමන කටයුතු වලට බාධා පැමිණ තිබූ අතර තවද ප්‍රදේශ රැසක නිවාස තුලට පස් කඳු කඩා වැටීමෙන් බරපතල හානි සිදුවී තිබේ.

ඇතැම් ප්‍රදේශ වල පහත් බිම් දින කිහිපයක් ජලයෙන් යට වී තිබීම නිසා කෘෂිකාර්මික කටයුතු ද විනාශයට පත්ව ඇත.

කඹුරුපිටිය මුලටියන මාර්ගයේ මාකඳුර ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙන අයුරු සහ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රත්කැකුලාව ගම්මානයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම නිසා එම නිවසට හානි සිදු වී තිබේ.

ගාල්ල අකුරැස්ස මාර්ගයට ඉමදුව නගරය ආසන්නයෙන් බටේගොඩ කන්ද නාය යාම නිසා ඊයේ (29) එම මාර්ගයේ රථවාහන ගමණාගමණය සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිට තිබුනි.

පසුව ඉමුදුව ප්‍රාෙද්ශීය සභවෙ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව පස් කන්ද ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනය සදහා පහසුකම් සලසා දි තිබුනි.

මෙයට අමතරව ඉමුදුව යක්කලමුල්ල මාර්ගය, ගාල්ල වක්වැල්ල මාර්ගය ඇතුලු කලේගාන කරාපිටිය මාර්ගය ඇතුලු මාර්ග රැස්ක්ද ජලයෙන් යටව පැවතිනි.

කොග්ගල නිදහස් වෙලද කලාපය වෙත ගමන් ගන්නා ගාල්ල දික්ක්‍රඹර පාර, බෝගහගොඩ වැලිකොන්ද පාර, අගුළුගහ ඇල පහල මාර්ගය ඇතුලු මාර්ග රැසක් ජලයෙන් යට විම හේතුවෙන් ඊයේ උදෑසන නිදහස් වෙලද කලාපය  වෙත යාමට පැමිනි සේවක සේවිකාවන් පිරිස් දැඩි අසීරැවට පත්ව තිබුනි.

මේ අතර ගාල්ල නුගදූව ඇල අතුරා යාම හේතුවෙන් එම ප්‍රෙද්ශයේ නිවාස රැසක් ජලයෙන් යටව පැවතිනි.

දින කිහිපයක් මුළුල්ලේ අකුරැස්ස හා තදාසන්න ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා නිල්වලා ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේවන විට අතුරලිය , කද්දුව , මාලිම්බඩ , වැල්ලේතොට පානදුගම , මලිදුව යන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා අකුරැස්ස - සියඹලාගොඩ , අකුරැස්ස - හක්මන , අකුරැස්ස - කද්දුව , අකුරැස්ස - බංගම යන මාර්ගයන්හී ගමනාගමනයට බාධා එල්ලවී ඇත.  අකුරැස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ ඇල්ගිරිය කළුකඳ ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනය කළ නොහැකි තත්වයක් උදාවී ඇත.

මිරිස්ස ප්‍රදේශය ජලයෙන් යටවීමක් වාර්තාවී ඇති බැවින් මාතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන‍ය හා වැලිගම ප්‍රාදේශීය සභාව හා එක්වී යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මෝය කට කැපීම සිදුකරගෙන යයි. අකුරැස්ස ප්‍රදේශ කිහිපයක නාය යෑම් වාර්තාවී ඇත. මාරඹ,පේද්දපිටිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයටම නාය ගොස් ඇත. අකුරැස්ස , මලිදුව , එරමුදුගොඩ දෙමහල් නිවසක් 29 වැනි දින උදේ 5.00 ට පමණ නාය ගොස් ඇත.  

නිවස ඉරිතලා තිබූ නිසා 28වැනි දින රාත්‍රී නිවැසියන් නිවසින් ඉවත්වී තිබීම නිසා කිසිදු ජීවිත හානියක් නැත. අකුරැස්ස - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඉමදුව ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා රථවාහන ගමනාගමනය නවතා දමා තිබී පස්කඳු ඉවත්කිරීම නිසා යළි පෙරවරු 10.00ට පමණ රථවාහන ගමනාගමනය ආරම්භ විනි.

අධිකවර්ෂාව නිසා ගිංගග පිටාර ගැලීමෙන් බද්දේගම අවට ප්‍රධාන මාර්ග කිහිපයක් ජළයෙන් යට වී ඇත.

බද්දේගම නාගොඩ ප්‍රධාන මාර්ගය.බද්දේගම ගනේගම දොඩංගොඩ ප්‍රධාන මාර්ගය,බද්දේගම අමුගොඩ වක්වැල්ල ප්‍රධාන මාර්ග මෙසේ ජළයෙන් යටවීම නිසා ප්‍රවාහන පහසුකමි ඇණහීටීම නිසා බද්දේගම නගරයේ ඇතී ප්‍රධාන පාසැල්වලට පැමිණෙන ළමයින්හට හා රජයේ සේවකයින්ට,ජනතාවට මෙම ගින් බාධා ඇති වී ඇත.

බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යලයට අයත් ප්‍රදේශ රැසක් මේ වන විට ජළයෙන් යටවී ඇතිබවත් .බද්දේගම ගොතටුව ප්‍රදේශයේ නිවසකට විශාල ගලක් පෙරලීම නිසා ජීවිත හානී කිසිවක් සිදුවී නොමැති බවත් ගෝනපුර ප්‍රෙද්සයේ නිවාස කිහිපයක් ජළයෙන් යටවීවිපතට පත් ඔවුන්හට කඩිනමින් සහන සැළසීමට නිළධාරීන් එම ස්ථාන කරා පිටත් කර යවා ඇතී බව බද්දේගම ප්‍රාෙද්ශීය ලේකමි ජයලක්ෂ්මී පැවසුවා.

නාය යාමේ අනතුරු අඟවා තිබු ඉමදුව බටේගොඩ කන්දේ කොටසක් 29දින උදෑසන 6.30පමණ නාය ගොස් තිබුණි.

ඉමදුව ප්‍රාදේශීය සභා නව වෙලද සංකීර්ණය ඉදිවන ස්ථානය අසල අඩි 60පමණ කොටසක් මෙසේ නායගොස් අකුරැස්ස ගාල්ල ප්‍රධාන මාර්ගයට වැටී තිබේ.

එම කොටසේ තිබු ගස් ද ප්‍රධාන මාර්ගයට වැටී තිබුණු අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු ද 28දින උදෑසන කාලයේ ඇන හිට තිබුණි. කෙසේ නමුත් ඉමදුව ප්‍රා දේශීය සභාව, පොලිසිය සහ මහජනතාවගේ උදව් ඇතිව මාර්ගය පැය 4කට පමණ පසු විවෘර්ත කිරීම සිදුවිය.

මේ අතර කඩුවෙල 143 ප්‍රධාන මාර්ගයේ රණාල මංසන්ධිය ආසන්න ස්ථානයක  ජලය බැස නොයෑමේ තත්ත්වයක් උද්ගත වීම නිසා ප්‍රදේශවාසීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙයි.

එදිනෙදා රැකියාවට යන පිරිස , පාසල් ළමුන් මෙන්ම ගමනාගමනයේ යෙදෙන ජනතාව විශාල පීඩාවකට ලක්ව සිටින අතර , මේ වන විට අදාල බලධාරීන් දැනුවත් කළද, නිසි පිළිතුරක් නොලැබුණු බව පවසා ප්‍ර‍දේශවාසීන් මැසිවිලි නගයි.