19042024Fri
Last update:Thu, 18 Apr 2024

4694 කගේ වත්කම් බැරකම් නැහැ - මැකෝ

mekoපාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයක් 6151 ක් අතරින් මේ වනවිට 4694 දෙනෙක් තම වත්කම් බැරකම් ප‍්‍රකාශන බාර දි ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය උපුටා දක්වමින් රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය පවසයි.

එම ආයතනය නිකුත්කළ නිවේදනයට අනුව එය ප‍්‍රතිශතයක් ලෙස ‍76% කි.

එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයන්ගෙන් 14 දෙනෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙතෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබා දී නැත්තේ 28 දෙනෙක් පමණයි.

 ජනතා විමුක්ති පෙරමුණේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ එක් අපේක්ෂකයෙක් පමණක් ද ඒ අතර වෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පක්ෂයේ  අපේක්ෂකයන් 92 ක් සිය වත්කම් බැරකම් ප‍්‍රකාශන බාරදිය යුතුව ඇති අතර අපේ ජාතික පෙරමුණේ 20 දෙනෙක්, පෙරටුගාමී පක්ෂයේ 24 දෙනෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශන බාරදිය යුතුව ඇතැයි පැවසේ.

බොදුජන පෙරමුණේ අපේක්ෂකයන් 80 ක්, ලිබරල් පක්ෂයේ අපේක්ෂකයන් 32 ක්, ජාතික බලය පක්ෂයේ අපේක්ෂකයන් 48 ක්, ඊ පී ඩී පී පක්ෂයේ 14 ක්, දෙමල ජාතික පක්ෂයේ 18 දෙනෙක් වත්කම් බැරකම් ප‍්‍රකාශන බාරදී නොමැත.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාස තුනක් ඇතුළත තම වත්කම් බැරකම් ප‍්‍රකාශන ලබාදීමට කටයුතු නොකරන සියලූම අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙන බව සදහන්.

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයාගේ ධුර කළය මේ වන විට අවසන්ව ඇති අතර අදාළ නඩු සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් සටහන් වී නැහැ.