08062025Sun
Last update:Wed, 04 Jun 2025

ඉන්දීය ධීවරයින් 34 දෙනෙකු අත්අඩංගුවට

dewaraඉන්දීය ධීවරයින් 34 දෙනෙකු ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව PTI පුවත් සේවය පවසයි.

කච්චතිව් ආසන්න මුහුදේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 38 දෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මොවුන් පැමිණි ධීවර යාත්‍රා 7 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙන බවයි නාවික හමුදාවේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.

ඉන් යාත්‍රා දෙකක් යාපනයට උතුරු මුහුදු තීරයේදී සහ තවත් යාත්‍රා දෙකක් ඩෙල්ෆ් දූපතට දකුණු මුහුදු තීරයේදීත් අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙකුත් යාත්‍රා නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ තලෙයිමන්නාරමට ආසන්න මුහුදු සීමාවේදීයි.

මොවුන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය සහ තලෙයිමන්නාරම ධීවර පරීක්ෂක කාර්යාල වෙත යොමුකර ඇති බව ද සඳහන්.