16072024Tue
Last update:Wed, 08 May 2024

33ක් රෝහලේ - 02ක් මරුට

bas accidant 2මුලතිව් සිට කොළඹ බලා ධාවනය වු ශ්‍රි ලංකා ගමනා ගමන මන්ඩලයට අයත් මගි ප්‍රවාහන බස් රථයක් ලොරියක් ගැටි අද අළුයම 1.30ට පමණ සිදුව ඇති අනතුරින් බරපතල තුවාල ලබා පුත්තලම මුළික රෝහලට ඇතුළත් කල තුවාලකරුවන් 33 දෙ‍නාගේ දෙදෙනෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය කියයි.

මෙම අනතුර සිදු ඇත්තේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය තුනේ කණුව ප්‍රදේශයේ දිය.

බසය කොළඹ මුලතිව් අතර ධාවනයට යොදවා ඇති බසයකි.

රෝහල් ගත කර ඇති තුවාලකරුවන් අතුරින් නව දෙනෙකුම යුද හමුදා භටයින් බවත් මුලිතිව් හමුදා කදවුරේ සේවය කරන ඔවුහු නිවාඩුවට සිය ගම් රට වල් බලා යෑම පිනිස මෙම බසයෙන් පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.

මිය ගිය දෙනොගෙන් එක් අයෙක් සාමාන්‍ය මගියෙකු වන අතර අනෙකා අනතුරට පත් බසයේ රියැදුරැ වන එම්.ඩි.සුසන්ත (43 ) නමැති බිංගිරියේ පදිංචිකරැවෙකු බව ද සදහන්.

අනතුරට පත් බසය වෙන්නප්පුව ලංගම ඩිපෝවට අයත් බසයක් වන අතර එය ඊයේ රාත්‍රි 10.30 ට පමණ මුලතිව් සිට කොළඹ බලා ගමනාරම්භ කර ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුරින් හානියට පත් ලොරිය ත්‍රිකුණාමලය වරායේ සිට පුත්තලම අට්ටවිල්ලුව සිමෙන්ති කම්හලක් වෙත ගල් අගුරැ තොගයක් ගෙන එමින් තිබු එකක් බවයි වාර්තා වන්නේ.

බසයේ රියදුරුට නින්ද යාමන් මෙම අනතුර සිදුව ඇත බවට පොලිසිය සැකකරයි.

පුත්තලම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

(මුන්නේශ්වරම සමුහ ඊ.සි.ප්‍රනාන්දු)