17072024Wed
Last update:Wed, 08 May 2024

ලංවිම අර්ථසාධකෙන් කෝටි 300ක් අතුරුදන්

ceb2009 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථ සාධක අරමුදලින් රුපියල් කෝටි 300ක් අතුරුදන් වී ඇතැයි රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

 විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහාතගේ නියෝගය මත සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකදී ඒ බව අනාවරණය වී ඇත. පසුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යවරයාගේ උඵදෙස් මත එහි සභාපතිවරයා රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අනුව 2009 වසරේදී විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදල් වශයෙන් රැස්වූ මුදල් වලින් පෞද්ගලික සමාගමක් හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර තිබූ ඍුපියල් 2,959,267,588 ක මුදලක් මහ බැංකුවේ ගිණුම් ප්‍රකාශ අනුව 2014.12.31දිනට එහි නොපවතින බවට කරුණු හෙළිවී ඇත. මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ 2009 වසරේදී අදාළ පෞද්ගලික සමාගම හරහා බැඳුම්කරවල සිදු කර ඇතැයි පවසන ලංකාවිදුලි බල මණ්ඩලයේ අර්ථසාධක අරමුදලේ ආයෝජනචයන් 2009 වසර තුළදීම එම සමාගම විසින් මහ බැංකුවෙන් ලබාගෙන විකිණීමට කටයුතු කර ඇති බවයි.

එහෙත් ‍ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙහි කිසිදු අනුමැතියක් ලබාගෙන නැති බවද අනාවරණය වී තිබේ. මෙම ආයෝජනයන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් කළ නියෝගයකට අනුව ලංකා විදුලිබල මණ්ඩලයීය අභ්‍යන්තර විගණන අංශ විසින් ඉහත සඳහන් පරීක්ෂණය සිදු කර සියලු තොරතුරු හෙළිදරව් කරගෙන තිබිණ.