21102025Tue
Last update:Fri, 10 Oct 2025

ප්‍රගීත් උසාවි ගේන්නැයි පෙත්සම ජනවාරී 25

prageeth Dec18මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නැවත පෙබරවාරි 25 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩවිසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේ එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති යුධ හමුදාපතිවරයා වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කරන බව රජයේ නීතිඥවරයා දැනුම්දී ඇත.

ඒ අනුව අදාළ විරෝධතා භාරගත් අභියාචනාධිකරණය ඒ පිළිබඳ විමසීම ලබන පෙබරවාරි 25 වන දින සිදු කරන බව දැනුම්දී තිබේ.