18102025Sat
Last update:Fri, 10 Oct 2025

ලක් කණ්ඩායමට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයින්ට අධි චෝදනා

slpak2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු පාකිස්තානයේ ක්‍රියාත්මක ලෂ්කාර්-ඊ-ජහාන්ග්වි ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් හය දෙනෙකුට පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණය අද අධිචෝදනා පත්‍ර බාරදෙනු ලැබීය.

ඔබායිදුල්ලා, ජාවෙඩ් අන්වර්, ඊබ්‍රහිම් ඛාලිල්, අබ්දුල් වහබ්, සුබාර් හා ආදම් අර්ශාඩ් නැමැති ත්‍රස්තවාදීන් හය දෙනෙකුට මෙසේ අධිචෝදනා පත්‍ර බාර දී තිබේ.

මොවුන් අතරින් පළමු සැකකරුවන් තිදෙනා මේ වන විට අැප මත නිදහස්ව සිටින බව පාකිස්ථාන වාර්තා සඳහන් කරයි.

2009 වසරේදී සිදුවූ මෙම ත්‍රස්තපාහාරයෙන් එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන, උපනායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර, තරංග පරණවිතාන හා චමින්ද වාස් තුවාළ ලැබූ අතර පාකිස්තාන පොලිස් නිළධාරින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.