අංගුත්තර නිකායේ සඳහන් වන සතර සංග්‍රහ වස්තුන්ගෙන් එකක් වන සමානාත්මතාව පිළිබඳව පරීක්ෂා කරන්නකුට බුදුරදුන්ගේ ඖදාර්ය ගුණය පොදු සාමූහික වැදගත්කම මනාව පැහැදිලි වේ. ලෝකයේ ජීවත්වන, තිබෙන, පවතින දෑ හැම එකක් අතුරෙන් ජීවත්වන මනුෂ්‍යයා පමණක් මේ සමානාත්මතා ධර්මය අනුව වර්ග කිරීම අපහසු බව බුදුරදුන් ‘ වා සෙට්ඨ සූත්‍රයේදී’ දේශනා කළ සේක. නමුත් එකල ඉන්දීය සමාජයේ බ්‍රාහ්මණ සභ්‍යත්වය මත පදනම් වී තිබුණු බ්‍රාහ්මණ ඉගැන්වීම් අතරින් ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍යය, ශුද්‍ර යයි මනුෂ්‍යයන් බෙදීමක් විය.
ඒ ඒ කුලයන්ට ඒ ඒ මනුෂ්‍යයන්ට සමාජ රැකියා හැර අසීමිත නිදහස භුක්ති විඳින්නට ඉඩ නොලැබුණු බව පැහැදිලි කරුණකි. ඒ අසාධාරණ අකටයුතු සමාජ බැමි සුණු විසුණු කරමින් උන්වහන්සේ ‘සමානත්තතා තානි සමාන සුඛ දුක්ඛ භාවො චත්තාරෝ වණ්ණ සමාගමා’යයි අභීතව ප්‍රකාශ කළ සේක.
මනුෂ්‍යයෙක් වශයෙන් උත්පත්තිය ලැබූ සෑම පුද්ගලයකුටම සමාන සුඛ දුක්ඛ වන්නේය. එහෙයින් මේ වර්ගයයි මනුෂ්‍යයා බෙදීමට තරම් ශක්තියක් නැතැයි වදාළ බුදුන් වහන්සේ සමානාත්මතාවය පැහැදිලි කළ සේක. ජාතින් වශයෙන් මනුෂ්‍යයා වර්ග කරන්නට අපහසුය. කොටසක් පූර්ණ නිදහස ලබන්නත් තවත් කොටසක් සමාජ නීති රීති වලින් බැඳ දමන්නටත් ඇති නියමයක් නැත. බුදුන් වහන්සේ කාන්තාව මෙහෙණී සස්නයට ඇතුළු කිරීමෙන් පුරුෂයකුට තිබෙන හැම වරප්‍රසාදයක්ම නිදහසක්ම භුක්ති විඳීමට ඉඩ ලබා දේශනා කළ බව අංගුත්තර නිකායේ ‘තික’ නිපාතයේ සටහන් වී ඇත.
බ්‍රාහ්මණයකුට කිරි වතුරෙන් මුහුණ සෝදන්නට තරම් අප්‍රිය දර්ශනයක් වූ කසල ශෝධක සූනීත සෝපාක වැන්නන් සංඝ සමාජයට සම්බන්ධ කර ගැනීමෙන්ම සමානාත්මතාවය කුමක්දැයි බුදුරදුන් ප්‍රකටව පැහැදිලි කළ සේක.
බුදුරදුන් මනුෂ්‍යයාගේ සමානාත්මතාවය හතළිස් පස් අවුරුද්දක් මුළුල්ලේම පැහැදිලි කළ සේක. බුද්ධ පුත්‍රයන්ට මහජන හිත සුව පිණිස ගම් නියම්ගම් බලා හැසිරෙන්න යයි වදාළ උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට ධර්මය ව්‍යාප්ත කිරීමෙහිලා සීමිත කාලයක් සීමිත ප්‍රදේශ සිමිත මනුෂ්‍ය සමාජයක් නියම කළේ ජාති වර්ණ දුප්පත් පොහොසත් වශයෙන් නොතකා සෑම මනුෂ්‍ය ප්‍රාණියෙකුටම අර්ථය සඳහා හිතසුව පිණිස සුඛය සඳහා කටයුතු කරන්නයි වදාළහ.
මහජනයාගේ නිදහස් චින්තනයට ඉඩ දී නිසේධ ධර්ම දසයක් දනය නිසා යැයි සිතමින් මේ ශ්‍රමණ අපගේ ගුරුවරයාය සිතමින් මගේ ධර්මය මේ කරුණු අනුව කිසිසේත් නොපිළිගන්නා දේශනා කොට සිතීමේ නිදහස සෑම කෙනකුටම පැවරීමෙන් සමානාත්මතා ධර්මය මත ප්‍රකට වන උන්වහන්සේ අනුතර ගුණය සමානව දයාව සමාන අනුකම්පාව ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි වන්නේය