22102025Wed
Last update:Fri, 10 Oct 2025

ගිනි අවි භාර දීමේ පොදු සමාව අද සිට

download 1 0බල පත්‍ර නොමැති ගිනි අවි සන්තකයේ තබා ගනීමෙන් ඇති වන නීති විරෝධී ක්‍රියා අවම කර ගැනීම සඳහා විවිධ පුද්ගලයින් සතුව තිබෙන නීති විරෝධී ගිනි අවි ස්වකැමැත්තෙන් භාර දීම ට කැමැති පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය රජය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අද සිට මැයි මස 06 වැනි දින දක්වා වු කාලය තුළ තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ,පොලිස් ස්ථානයට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට තම් සතු ගිනි අවිය භාර දීමට අවස්ථාව සළසා දී ඇත.

මෙම පොදු සමා කාලය තුළ තමන් සතුව නීති විරෝධි ගිනි අවිය භාර නොදී සන්තකයේ තබා ගන්නා පුද්ගලයින්ට විරුද්ධව ගිනි අවි ආඥා පනත යටතේ දඬුවම් නියම කළ හැකි බව අමාත්‍යංශය දැනුම් දී ඇත.

මේ අතර නීති විරෝධි ගිනි අවි සද්භාවයෙන් භාර දෙන පුද්ගලයින් සඳහා දීමනාවක් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.