29032024Fri
Last update:Mon, 04 Mar 2024

විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු ස්වාධීන කරන නව නීති ගෙන එනවා

coldsc 0583170532730 4198204 21042016 stc cmyසරසවි ප්‍රචණ්ඩත්වය පිටු දකින සංවාද සම්මන්ත්‍රණයේ දී අගමැති කියයි

නිදහස් අධ්‍යාපනය තුළ විශ්වවිද්‍යාල පරිපාලන කටයුතු ස්වාධින කිරිමට අදාළව නව නීතී ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

විශ්වවිද්‍යාල තුල සිදු ‍කෙරෙන නවක වදය, ලිංගිකත්වය සහ ලිංගභේදය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා වන උපදේශාත්මක සංවාද සම්මන්ත්‍රණයේ ආරම්භක උත්සවයට සහභාගි වෙමින් අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පැවසිය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් සංවිධානය කර තිබු මෙම සම්මන්ත්‍රණය කොළඹ ගලධාරි හෝට‍ලයේදි ඊයේ (21) පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණයට ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ආයතන නියෝජනය කරන නියෝජිතයෝ ද සහභාගි වුහ.

විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ගේ කටයුතු සහ සේවා සඳහා සහකාර උප කුලපති නිලයක් ස්ථාපිත කළ යුතු බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ජිවන රටාව වර්ධනය කරන ශිෂ්‍ය ව්‍යාපෘති ලබන වසරේ ආරම්භ කරන බව ද ඒ සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කරන බව ද අගමැති වික්‍රමසිංහ මහතා කිය.

විශ්වවිද්‍යාල වල සිදු වන නවක වදය ඇතුළු හිංසාකාරි ක්‍රියා පිටු දකින නිතිමය ප්‍රතිපාදන සැකසිම සිදු කෙරෙන බව ද අගමැතිවරයා කීය. අපේ රටේ නීතිය අනුව සැමට සමානව සැලකීමේ මුලික අයිතිවාසිකම් පවතින බව කි අගමැති වික්‍රමසිංහ මහතා එය විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වේදැයි විමසා බැලිය යුතු බවද කිය.

කිසිම පුද්ගලයකු මානසික හෝ ශාරිරික පීඩාවකට හෝ පහර දීමකට ලක් කිරීමට හැකියාව නිතිය තුළ නොමැති බව සඳහන් කළ අගමැතිවරයා විශ්ව විද්‍යාලය තුළ දි සිසුන් මෙවැනි අතවර කිරීම්වලින් ආරක්ෂා කිරීමේ හැකියාව අපට තිබේද යන්න විමසා සිටියේය. නීතියේ ආධිපත්‍යය මේ සඳහා උපයෝගි කර ගත යුතු බව සඳහන් කළ අගමැතිවරයා එය විශ්ව විද්‍යාල භූමියට ද අදාළ කර ගත යුතු බව සඳහන් කළේය.

පරිපාලනමය වශයෙන් සියලුම අයිතිවාසිකම් විශ්ව විද්‍යාලයට හිමිවන බවට සහතික විය යුතු බව කී වික්‍රමසිංහ මහතා ඒ සඳහා නව නීති ගෙන එන බව පැවසිය.

ශිෂ්‍යයින්ගේ අයිතිය සහ නිදහස සැමදා සුරැකිය යුතු බවද අගමැතිවරයා කිය. දැනට විශ්ව විද්‍යාලයේ පවතිනුයේ ආදි කාලයේ ක්‍රමවේදයක් බැවින් එය වෙනස් කිරිමට සිතූ බව කී අගමැතිවරයා විශ්ව විද්‍යාල වඩාත් නිදහස් සහ ස්වාධින විය යුතු බවද කීය.

විශ්ව විද්‍යාල තුළ දේශපාලන සිතුවිලිවල විවිධත්වයක් ඇති විය යුතු බව කි අගමැතිවරයා රටේ දේශපාලනය දකුණු ආසියාතික මුහුණුවරක් ගත්ත ද විශ්ව විද්‍යාල තුළ උතුරු කොරියානු ස්වරූපයක් ගන්නා බව ද කිය.