05022025Wed
Last update:Tue, 07 Jan 2025

ජලය-විදුලි කැපීම ගැන වාර්තාවක් කැඳවයි

RanilWigremesinghe August2015සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ සමහර ප්‍රදේශවල ජලය සහ විදුලිය කැපීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) අදාළ බලධාරීන්ට නියම කළේය.

අලුත් අවුරුදු සමයේ දිවයිනේ කිසිම ප්‍රදේශයක පානිය ජලය සහ විදුලිය කපා නොහැරිමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි. රජය එවැනි තීරණයක් ගෙන තිබියදී ඇතැම් ප්‍රදේශවල ජලය සහ විදුලිය කපා හැර තිබිණි. අලුත් අවුරුදු නිවාඩුව ගත කිරිම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොස්ලන්ද සහ තංගල්ල ප්‍රදේශවලට ගොස් සිටියදි එම ප්‍රදේශවලද විදුලිය කපා හැරීම සිදු වී තිබිණි.

ඒ පිළිබඳව අගමැති වික්‍රමසිංහ මහතා එම ප්‍රදේශවල සිටියදීම කරුණු විමසා ඇති අතර ඊට අදාළව විදුලි බල මණ්ඩලය දුන් හේතු නිවැරිදි ‍නොවන බව අගමැති කාර්යාලය අනාවරණය කර ගෙන තිබේ. දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජලය කැපීමද සිදු කර ඇති බවද පැමිණිලි රැසක් ලැබී තිබේ. ඒවා සැලකිල්ලට ගත් අගමැති වික්‍රමසිංහ මහතා අලුත් අවුරුදු සමයේ ජලය සහ විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබේ.