17102025Fri
Last update:Fri, 10 Oct 2025

අලූත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගැන්වේ.

President 02 5 6 04සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

චිරාගත පිළිවෙත් පරිදි නැකැත් මොහොට්ටාල සංකේතවත් කළ අයෙකු විසින් ජනාධිපතිවරයා වෙත නැකැත් සීට්ටුව පිළිගැන්විණි.

අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම හා ආහාර අනුභවය, නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී කරුණු නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

අභ්‍යන්තර – වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

01 02 03