05022025Wed
Last update:Tue, 07 Jan 2025

දක්ෂතා ඇති තරුණ නායකයන්ට නිසි තැන දෙනවා

sajith 6Apඑක්සත් ජාතික පක්ෂයේ තනතුරු සංශෝධනය කරමින් දක්ෂතා හා හැකියාව ඇති තරුණ දේශපාලනඥයන්ට තැන දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී (05) ඊයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. තරගකාරීත්වයට ගැලපෙන සේ පක්ෂයේ ඉදිරි ගමන සැලසුම් කිරීම සඳහා තරුණ නායකයන්ට මුල් තැන දීමට පියවර ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මාධ්‍යෙව්දියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය මූලික වගකීම වනුයේ අගමැතිවරයාගේ ආශිර්වාදය යටතේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වීම බවත් ඒ යටතේ ජනතාවට සහන දීමටත් නිවාස නොමැති ජනතාවට නිවාස ලබා දීමේ ව්‍යාපෘතියේ පෙර ගමන්කරු වීමටත් ක්‍රියා කරන බව කීය.