29032024Fri
Last update:Mon, 04 Mar 2024

සම්බන්ධ වූ අය සොයා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න

01 sampanthan Apමරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගය කුමන අරමුණක් වෙනුවෙන් ගෙන ආවේද යන්න සොයා බලා ඊට සම්බන්ධවූවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අවධාරණය කරයි. රටේ ජාතික ආරක්ෂාවට හා ජාතික සමගියට යළිත් වතාවක් තර්ජනයක් ඇතිවීමට කිසි‍විටෙක ඉඩ නොදිය යුතු බවද ඒ මහතා විපක්ෂ නායකවරයා පවසයි.

යාපනය, චාවකච්චේරි, මරවන්ලෝබු ප්‍රදේශයේ නිවෙසකින් සොයාගන්නා ලද මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය, ක්ලේමෝ බෝම්බ 4, මිලිමීටර් 9 වෙඩි උණ්ඩ 100 සොයාගැනීමත්, ඊට දකුණේ පළවන මතවාද පිළිබඳ ‍ආර්. සම්බන්ධන් මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු ලෙස හෙතෙම මෙම අදහස් පළ කරයි.

මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් පිළිබඳව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බව පෙන්වාදෙන විපක්ෂ නායකවරයා, අද නිදහස්ව ජීවත් වන උතු‍රේ දෙමළ ජනතාව කිසි ‍දිනෙක ත්‍රස්තවාදයට ප්‍රිය නොකරන බවද පවසයි.

මෙවන් ක්‍රියාවන් හේතුවෙන් සිදු වන්නේ උතුරු දකුණු ජනතාව අතර නිදහස බිඳවැටීම බව අවධාරණය කරන ඒ මහතා, මේ පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවයි.

කෙසේ වුවද දේශපාලන වාසියකට හරවා ගනිමන් දකුණේ ඇතැම් දේශපාලන බලවේග විවිධ මතවාද පළකිරීම පිළිබඳව සිය අප්‍රසාධය පළ කළ ඒ මහතා, සත්‍ය මතුකරගන්නා තුරු ඒ පිළිබඳව කිසිවක් කිව නොහැකි බැවින් උතුරේ යළිත් ත්‍රස්තවාදය පැන නැගී ඇතැයි සඳහන් මතවාද මුලුමනින්ම සාවද්‍ය බවද වැඩිදුරටත් පවසයි.