14032025Fri
Last update:Tue, 07 Jan 2025

විදේශිකයන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

01 athදකුණු මුහුදේ දී රුපියල් කෝටි සියයකට අධික වටිනා කමින් යුතු හොරෝයින් කිලෝ 110ක් සමඟ අත් අඩංගුවට පත් විදේශිකයන් 14 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (2) අවසර ලබාදුන්නේය. හෙරෝයින් ජාවාරම අනාවරණය කරගැනීම සඳහා මෙම පුද්ගලයන් රඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් , ඊට අවසර ලබා දෙන ලෙසත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දින හතක කාලයක් සඳහා මෙම අවසරය ලබා දී ඇත.

මෙම විදේශිකයන් 14 දෙනා අතර පකිස්ථානුවන්, ඉරාන ජාතිකයන් ඇතුළත් වන අතර අදාළ රටවල තානාපති කාර්යාල දැනුවත් කිරීමට කටයුතු කළ බව ද පොලිසිය පවසයි.