16042024Tue
Last update:Mon, 04 Mar 2024

අපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ගේ දීර්ඝකාලීන පැවිදි දිවිය තුළ සම්බුද්ධ ශාසනයටත්, මානව ප්‍රජාවටත් අති මහත් වූ සේවයක් ඉටු වූ බව ජනපති පවසයි.

President 5 1Mඅපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශී‍්‍ර අත්ථදස්සී මහානාහිමියන්ගේ දීර්ඝකාලීන පැවිදි දිවිය තුළ සම්බුද්ධ ශාසනයටත් මුළුමහත් මානව ප‍්‍රජාවටත් අති මහත්වූ සේවයක් සිදු වූ බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.

අපවත්වී වදාළ සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහානායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගම ධම්මසිද්ධි ශී‍්‍ර ධම්මානන්ද අත්ථදස්සී මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේගේ ශී‍්‍ර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (13) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අස්ගිරිය පොලිස් කි‍්‍රඩාංගණයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

සංඝ සමාජය තුළ කැපී පෙනෙන පරමාදර්ශී භික්ෂුන් වහන්සේ නමක් වූ උන්වහන්සේ අපවත් වූයේ උන්වහන්සේ වැනි භික්ෂුන් වහන්සේලා රටට ඇවැසි අවස්ථාවක බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා උන්වහන්සේගේ අපවත්වීමෙන් ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සෙසු ආගමික ජනතාවද සංවේගයට පත්ව ඇති බව පැවසීය.

ජනතාවට සමීපව, සුහදව, මිත‍්‍රශීලිව උන්වහන්සේ නිරතුරුව කටයුතු කළ බවත් මහනාහිමිපාණන්ගේ පැවිදි දිවියෙන් තරුණ භික්ෂුන් වහන්සේලාට ලබාගත හැකි ආදර්ශයන් බොහෝ බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

ත්‍රෛිනිකායික මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද ආණ්ඩුකාරවරුන්, පලාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්ද , සැදැහැවතුන් විශාල පිරිසක් ද ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.

2

3

4

7

8

9

12

13

14

15

16