17102025Fri
Last update:Fri, 10 Oct 2025

”ග්ලූකෝමාව පරදවමු” පා ගමන ජනපති ප‍්‍රධානත්වයෙන්

President 05 3 2016ලෝක ග්ලූකෝමා සතිය නිමිත්තෙන් “අදෘශ්‍යමාන ග්ලූකෝමාව පරදවමු” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ පා ගමන ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුෙවි පැවැත්විණි.

කොළඹ ජාතික අක්ෂි රෝහල විසින් සංවිධානය කළ එම පා ගමන විහාර මහා දේවි උද්‍යානයෙන් ආරම්භ වී ජාතික අක්ෂි රෝහල දක්වා ගමන් කෙරිණ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඒල්.එම්. රිෆාස්, ජාතික අක්ෂි ශල්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප‍්‍රදීපා සිරිවර්ධන, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වන මුදිතා කුලතුංග, චරිත් ෆොන්සේකා සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම පා ගමනට එක්ව සිටියහ.

01

03

04