18102025Sat
Last update:Fri, 10 Oct 2025

වෛද්‍ය සමිතාට වන්දි මුදල් ප්‍රදානයක්

samithaබණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ සභාපතිනී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය වෙත වන්දි මුදල් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළාය.

BMICH පරිශ්‍රයේ පිහිටි වෙළඳ ප්‍රදර්ශන කුටියක් කඩා වැටීමෙන් ආබාධයට ලක්වූ වෛද්‍ය සමිතා සමන්මලී විසින්, BMICH පාලනාධිකාරියෙන් වන්දි මුදලක් ඉල්ලා දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනුකරනු ලැබූ අතර, ඇගේ ඉල්ලීම සලකා බැලූ දිස්ත්‍රික් උසාවිය ඇයට වන්දි මුදල ලබාදෙන ලෙස BMICH පාලනාධිකාරියට නියම කළේය.

එම තීන්දුව පිළිබඳ නැවත සලකා බලන ලෙස අභියාචනයක් ඉදිරිපත් කෙරුණු අතර, එම අභියාචනය විභාගවන අතරතුර BMICH පාලනාධිකාරියේ සහ වෛද්‍ය සමිතා සමන්මලීගේ පාර්ශ්වයේ නීතිඥ ජී. ජී. අරුල්ප්‍රගාසම්ගේ මැදිහත්වීමෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණීමට හැකි විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය වෙත වන්දි මුදල් ප්‍රදානය කළ අයුරු. BMICH අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා ද මෙහි සිටියි.