29032024Fri
Last update:Mon, 04 Mar 2024

ජ.නි.පෙ විජේසේකර ජාතිවාදයෙන් මිදෙයි

arjunaජාතික ආරක්ෂාවට හා ජාතික ආර්ථිකයට හානිකර ආයෝජකයන්ට ශ්‍රි ලංකාව තුල අයෝජන අවස්ථාවලට ඉඩ දිමට තමන් අකැමැති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පැවසිය.

ත්‍රිකුණාමල වරාය සතු ඉඩම්වල පදිංචි ජනතාවට එම ඉඩම් අයිතිය ලබාදිම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමේදි විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශකලේ ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර පලාත් සභා මන්ත්‍රි ජයන්ත විජේසේකර කල ප්‍රකාශයක් පදනම කරගෙනය.

ආයෝජන අවස්ථා සදහා දැනට තිබෙන වරාය සතු ඉඩම් විදේශිය ආයෝජකයන්ට ලබාදෙන්නේ නම් වරාය , තෙල් ටැංකි, නාවික හමුදා කදවුර හා යුද හමුදා කදවුර අවට වරාය සතු ඉඩම් විදේශිය ආයෝජකයන්ට නොදෙන්නැයි ජයන්ත විජේසේකර ඉල්ලිමක් කලේය.

එහිදි නැගී සිටි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පැවසුවේ ජාතික ආරක්ෂාවට හා ජාතික ආර්තිකයට හානියක් නොවන විදේශිය ආයෝජකයන්ට ඕනැම තැනකින් ඉඩම් ලබාදිමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

එහිදි සභාව උණුසුම් වි ගිය අතර අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ ජාතික ආරක්ෂාව මුල්කරගෙන ආයෝජන අවස්ථා සිදුකරන බව රැස්විම් ආරම්භයේදි තමන් ප්‍රකාශකල බවත් මෙතන ජාතිවාදය අවුස්සන්න එයා යැයිද පැවසීය.

අනතුරුව නැගි සිටි ජයන්ත විජේසේකර යලි සිය ආසනයේ අසුන් ගනිමින් කිවේ තමන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයෙකු වුවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හෝ තම නායක විමල් විරවංශගේ ජාතිවාදි අදහස් ප්‍රතික්ෂේප කරන බවත් සිත් රිදවිමක් සිදුවුයේ නම් සමාවෙන ලෙසත්ය.