25042024Thu
Last update:Thu, 18 Apr 2024

ප්‍රවාහන ක්ෂේත්‍රයේ වංචා දූෂණ වැළැක්වීමට දැඩි තීන්දු තීරණ ක්‍රියාත්මක කරන බව ජනපති පවසයි.

01 1 02Marchබස් රථවලින් කප්පම් ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්.

බස් රථ හිමිකරුවන්ගෙන් සහ රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල සභාපතිවරුන්ට උපදෙස් දුන්නේ ය.

කලක සිට පවතින මෙම දූෂිත තත්ත්වය පිලිබඳ නව රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා රටේ සියලූ ක්ෂේත්‍රවල වංචා, දුෂණ, අක්‍රමිකතා මෙන්ම අයහපත් තත්ත්වයන් වෙනස් කිරීමට පත්වූ රජයක් ලෙස ඉදිරියේදී ඒ පිලිබඳවද දැඞී තීන්දු තීරණ ගන්නා බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලූ පිලිබඳ ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවතී විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

පසුගිය රජයන් මෙම කටයුත්තට අත නොගැසුවද සියලූ ක්ෂේත්‍රවල මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේද වංචා දූෂණ වැළැක්වීමට නව රජය නොබියව මැදිහත්වන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දිවයිනේ පළාත් 09 ම නියෝජනය කරමින් පළාත් ප්‍රවාහන අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර ඒ ඒ පළාත්වලට ආදළ ගැටලූ පිලිබඳ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

පළාත් 09 ක් ලෙස කටයුතු කළද රට වශයෙන් ක්‍රියාත්මක විය යුත්තේ එකම ප්‍රතිපත්තියක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලූ නිරාකරණය කර ගැනීමට සියලූදෙනා එක ප්‍රතිපත්තියක් යටතේ කැපවිය යුතු බවද ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක වුවත්, බොහෝ අවස්ථාවල එකවර බස් රථ ධාවනය වීම හා පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය කිරීම හේතුවෙන් අපේක්ෂිත ආදායම් ඉලක්ක ළගා කර ගැනීමට නොහැකිවීම, කොළඹ නගරය තුළ බස් රථ ගාල් කිරීමේ ස්ථානවල පවතින අවහිරතා, පර්යන්ත පහසුකම් නොමැතිවීම, කෙටි දුර ධාවන බස් රථ සහ දුර සේවා සඳහා වෙනම බස් නැවතුම්පලවල් නිර්මාණය කිරිම ආදි කරුණු රැසක් පිලිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යාල නිළධාරින් මුහුණ පා සිටින ගැටලූද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණි.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රමුඛ පළාත් ප්‍රවාහන අමාත්‍යවරුන්ද, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා සහ පළාත් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.