17072024Wed
Last update:Wed, 08 May 2024

ඒකීය රටක් තුළ ජාතික අවශ්‍යතාව ඉටුකල යුතුයි

trikunnaamlyශ්‍රි ලංකාව නව සංවර්ධණ මාවතකට අවතීර්ණ වි ඇති මොහොතක ජාත්‍යන්තරය ඒ සදහා උදව් කිරිමට සුදානමින් සිටින්නේ යැයි විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති ආර්.සම්බන්ධන් පැවසිය.

ත්‍රිකුණාමල දිස්‍ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විම අමතා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මේ බව පවසා ඇත.

ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති සම්බන්ධිකරණ කමිටුවේදි තව දුරටත් අදහස් දැක්වු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් -

දැන් රටේ පවතින නිදහස තුල ඕනැම තැනකට ගමන් කිරිමට පුළුවන්.

ඒකිය ලංකාවක් තුල සියලු ජාතින්ගේ අවශ්‍යතා අනුව සංවර්ධනය කරා රට ගෙන යාමට හැමදෙනාගේ කැපවිම අවශ්‍යයයි.

ඒ සදහා සියලු දෙනාගේ දායකත්වය ලබාදියි යුතුය.

අතිගරු ජනාධිතිතුමා සිදුකරන විදේශ සංචාර තුල ජාත්‍යන්තරය අප කෙරෙහි හොද අවබෝධයකින් බලා ඉන්නා බව පේනවා යැයි පැවසිය.