19102025Sun
Last update:Fri, 10 Oct 2025

දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය හඳුනා ගැනේ

pr19aක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය හඳුනා ගැනීමේ ජාතික ව්‍යාපෘතියක් ඊයේ කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහාවිද්‍යාලයේදී ආරම්භ විය.

ඒ, ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම යටතේයි.

2020 සිට පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රීඩා තරග ඉල්ලක්ක කරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය හඳුනාගෙන එම දරුවන් අනාගතේ ඔවුන් වඩාත්ම දක්ෂ ක්‍රීඩාව තුළින් ඉදිරියට ගෙන යාම අරමුණු කර මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා සියලුම පාසල්වල ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.