20042024Sat
Last update:Thu, 18 Apr 2024

ජනපතිගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව ආසියානු කලාපයේ දිදුලන ආලෝකය බවට පත් වෙලා.

President 12 5ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව ආසියානු කලාපයේ දිදුලන ආලෝකය බවට පත්ව ඇති බව නවසිලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා පවසයි.

වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ජාත්‍යන්තර මෙන්ම ජාතික වශයෙන් ශී‍්‍ර ලංකාව නව ඉසව් කරා ගමන් කරමින් සිටින බව පැවසූ නවසිලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ වන විටත් ලෝකයම පිළිගන්නා විශිෂ්ට නායකයෙකු බවට පත්ව ඇති බවද කියා සිටියේ ය.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි නවසිලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා සහ ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර එහිදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි නවසිලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තේ ය.

ආචාර වෙඩි මුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

අනතුරුව ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර නිල හමුව සිදු විය.

දෙරටේ අතීත මිත‍්‍රත්වය පිළිබඳ මෙහිදී සිහිපත් කෙරුණු අතර එම සබඳතා ඉදිරියේදී තව තවත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ රාජ්‍ය නායක දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළහ.

මෙම සංචාරය තමාගේ දෙවන ශී‍්‍ර ලංකා සංචාරය බව පැවසූ නවසිලන්ත අග‍්‍රාමාත්‍යවරයා 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා පැමිණිමෙන් පසුව සිදු කළ මෙම චාරිකාවේදී ශී‍්‍ර ලංකාවේ ඇතිවී තිබෙන නව පරිවර්තනය සියැසියන් දැක බලා ගැනීමට හැකි වූ බවද ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ රජයේ යහපාලන සංකල්පය සහ සහජීවන ආණ්ඩුක‍්‍රම සංකල්පය ඊට ඉවහල් වී ඇති බව ප‍්‍රකාශ කළ ජෝන් කී මහතා එය කලාපයේ අනෙකුත් රටවලටද මහඟු ආදර්ශයක් බව කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් නවසිලන්ත රජයේ උපරිම සහයෝගය ලබා දෙන බවද නවසිලන්ත අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

ශී‍්‍ර ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ විශිෂ්ටත්වය වර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වලට නවසීලන්තයේ සහාය ලබාදීමට අදාළ ගිවිසුමකට මෙන්ම ශී‍්‍ර ලංකාව සහ නවසිලන්තය අතර වනජීවි ක්ෂේත‍්‍රයේ සහයෝගය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් එකඟතාවයකට එළැඹීමද මෙහිදි සිදු කෙරිණි.

ශී‍්‍ර ලංකාවෙන් නවසිලන්තයට අලි පැටවෙක් ලබාදීමට අදාළ සන්නස ද ජනාධිපතිතුමා අතින් නවසිලන්ත අග‍්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්විනි.

එම අවස්ථාව ඇමතු නවසිලන්ත අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ කෘෂිකර්මාන්තය පදනම් කරගත් රටවල් ලෙස දෙරට අතර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම අපේක්ෂාව බවයි.

ශී‍්‍ර ලංකාවේ කිරි නිෂ්පාදන කටයුතු සඳහා නවසිලන්තය සතු උසස් තාක්ෂණ ඥානය ලබාදීම සඳහා එරට කිරි නිෂ්පාදන පහුණු මධ්‍යස්ථානයක් ශී‍්‍ර ලංකාවේ පිහිටුවීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කළ අග‍්‍රාමාත්‍යවරයා ඉන් අපේක්ෂා කරන්නේ ශී‍්‍ර ලංකාවේ ගොවියා බල ගැන්වීමෙන් ඔහු ධනවත් කිරීම මිස මෙරට ව්‍යාපාර සියතට ගැනීම නොවන බවද කියා සිටියේ ය.

අද ශී‍්‍ර ලංකාව ව්‍යාපාර කටයුතු සඳහා හොද මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති අයුරු තමා දකින බවත්, දෙරට අතර සංචාරක ක්ෂේත‍්‍රයේ සබඳතා ශක්තිමත් කර ගැනීමට වැඩසටහන් රැසක් කි‍්‍රයාවට නංවන බවත් නවසිලන්තය අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙම අලි පැටවා ශී‍්‍ර ලංකාවෙන් නවසිලන්තට ලබාදෙන දෙවන අලි පැටවා වන අතර ඒ පිළිබඳවද අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා ශී‍්‍ර ලංකා රජයට තම ස්තූතිය පළ කර සිටියේය.

01 02 07 09 11 13 14 16 18 19 20 23 24