19102025Sun
Last update:Fri, 10 Oct 2025

සෙයිද් කුමරු, මල්වතු මහ නාහිමියෝ හමුවේ

galagama 8Fඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද උදැසන මහනුවර දළඳා මාළිගාව දැක බල ගැනීමට පැමිණියේය.

ඉන් අනතුරුව කුමරු මල්වතු අස්ගිරි මහ නාහිමියෝ හමුවිය.

වත්මන් ජනපති මරා දැමීමට පැමිණි ත්‍රස්තවාදියාට පවා සමාව දී මෙරට  සංහිඳියාව පිළිබඳ ආදර්ශ ලබාදී ඇතැයි තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ සෙයිද් කුමරුට පැවසුහ.

එසේම ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඉහළම මට්ටමින් පවතින බවත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයා එකමුතුව කටයුතු කරන බවත් උන්වහන්සේ කුමරු වෙත අවධාරණය කළහ.