03052024Fri
Last update:Thu, 18 Apr 2024

වගකීම් පැහැර හරින මන්ත්‍රීන්ගේ තනතුර අහෝසි කිරීමට නීති ඕනෑ

lawyerමහජන ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරු තම වගකීම් පැහැර හරින්නේ නම් ඒ සම්බන්ධයෙන් උසාවියට කරුණු වාර්තාකැර අධිකරණ තීන්දු මඟින් ඔවුන් මන්ත්‍රීධූරයෙන් ඉවත්කිරීම සඳහා අවශ්‍යය නීතී ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළුකරණ ලෙස මහජන ඉල්ලීම් රැසක් ඉදිරිපත්වී තිබෙන බව නව ව්‍යවස්ථාවක් සකස්කිරීම සඳහාවන මහජන අඳහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා පවසයි.

දියුණු රටවල පක්ෂ මගින් මෙවැනි නීතී සකස්කැර ක්‍රියාත්මක කැරන බවත් ලංකාවේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවත් ඒ මහතා කීය.

නව ව්‍යවස්ථාවක් සකස්කිරීම සඳහා මහජන අඳහස් ලබාගානීම වෙනුවෙන් පත්කළ කමිටුවේ සාමාජිකයන් මහනුවර දිස්ත්‍රික් ජනතා අඳහස් ලබාගැනීම පෙරේදා (31) මහනුවරට පැමිණි අවස්ථාවේ විජේනායක මහතා මේ බව පැවැසුවේය.

මහජන නියෝජතයන් වගකීම් පැහැර හරින අවස්ථාවල ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසී කිරීමේ ක්‍රියාවලිය ව්‍යවස්ථාවක් මගින් සිදුකරනවාට වඩා ඒ ඒ පක්ෂ මගින් සිදුකිරීම වඩා ප්‍රායෝගික බවත් එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති පක්ෂ රටේ තිබේද යන්න ප්‍රශ්නයක් බවත් ඒ මහතා කීය.