03052024Fri
Last update:Thu, 18 Apr 2024

සංරක්ෂණය කරන ලද තිස්සමහාරාම සඳදගිරි සෑය ජනපති අතින් විවෘත කෙරේ

President 200පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබද රජය ගෙන යන වැඩපිළිවෙල විධිමත් සහ කාර්යක්ෂම අයුරින් ඉදිරියට ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව පප්‍රකාශ කළේ සංරක්ෂණය කරන ලද තිස්සමහාරාම ඓතිහාසික සදගිරි සෑය ජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා යළි විවෘත කිරීමේ පුණෝත්සවයට අද (30) පෙරවරුවේ එක් වෙමිනි.

අද බටහිර ජාතින් පවා අධ්‍යාත්මක සුවය සොයමින් බෞද්ධ දර්ශනය කෙරෙහි නැඹුරු වෙමින් සිටින බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා අප බෞද්ධ දර්ශනය මත පදනම් වූ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තුළ ජීවත් වූ ජාතියක් බව ලෝකයට පසක් කරදීම සදහා අපගේ ඓතිහාසික උරුමයන් වඩා වඩාත් සුරක්ෂිත කළයුතු බවද ප්‍රකාශ කළේය.

සදගිරි සෑය ඇතුළු පුරාවස්තු සංරක්ෂණය පිළිබද කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරමින් ප්‍රදේශයට අවශ්‍ය කෞතුකාගාරයක් ඉදිකිරීමට කටයුතු සම්පාදනය කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදි යෝජනා කරනු ලැබීය.

අනුරාධපුර යුගයට අයත් තිස්සමහාරාම සදගිරි ස්ථුපය ඉතිහාසය සහ වාස්තු විද්‍යා ක්ෂේත්‍රය සදහා වැදගත්කමක් දක්වන ස්ථූපයක් වන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් දක්ෂිණ සංචාරක ව්‍යාපෘතියේ  එක් අංගයක් ලෙස මෙය සංරක්ෂණය කර ඇත.

තිස්සමහාරාම වෙහෙර පිටුපසින් මීටර් 200 ක් පමණ ඈතින් ස්ථූපය පිහිටා ඇත.

සංරක්ෂණය කරන ලද සදගිරි සෑය ස්ථූපයෙහි සමරු ඵලකය නිරාවරණය කර එය විවෘත කළ ජනාධිපතිතුමා ඊට ප්‍රථම පුෂ්පෝපාහාරයද සිදු කළේය.

තිස්සමහාරාම සදගිරි උභය රජමහා විහාරාධිපති මාතර හම්බන්තර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.

අනතුරුව ඓතිහාසික කෞතුක වස්තු හා පුස්කොල පොත් වහන්සේලා නිරීක්ෂණය කිරීමටද ජනාධිපතිතුමා එක් විය.

අමාත්‍යවරුන්  වන විජයදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියවසම්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රෝලන්ඩ් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

4

5

6

7

8

10

1

2

3