11042025Fri
Last update:Tue, 07 Jan 2025

”යුග යුග හද රැදි” ගී ප්‍රසංගය ජනපති සහභාගීත්වයෙන්

President 01වියපත් කලාකරුවන්ට ආධාර කෙරෙන අරමුදලක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ගායක ගායිකා සංගමය සංවිධානය කළ ”යුග යුග හද රැදි” ගී ප‍්‍රසංගය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පස්වරුවේ පැවැත්විණි.

ශ‍්‍රී ලාංකීය ගායක ගායිකා සංගමයට වසර 25ක් සපිරිම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණ මෙම සංගීත ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපතිතුමා සහභාගී විය.

ජනප‍්‍රිය ගායික ගායිකාවන් රැුසක් මෙම ප‍්‍රසංගයට ගීත ගායනයෙන් එක් වූ අතර පණ්ඩිත් අමරදේවයන් ප‍්‍රමුඛ 50 දශකයේ ගායක ගායිකාවන් සමග ජනාධිපතිතුමා ද ගීත ගායනයකට එක් වීම සුවිශේෂි සිදුවීමක් විය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක සහ රවි කරුණානායක මහත්වරුන් සමග කලාකරුවන් රැසක් හා රසවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

07

02

03

04

05

06