17072024Wed
Last update:Wed, 08 May 2024

ආසියා කලාප සමුළුව අගමැති ප්‍රධානත්වයෙන්

01 poduමානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය ආසියානු කලාපීය සමුළුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (1) ආරම්භ වෙයි.

ආසියාවේ, ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සඳහා වන මෙය පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් සංවිධාන කරයි.

බංග්ලාදේශය, ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින්, පාකිස්ථානය යන රටවල නියෝජිතයන් ඉන්දියාව, ආසියාව සහ අග්නිදිග ආසියානු කලාපයේ රටවල පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් මේ සමුළුවට සහභාගි වීමට නියමිත අතර එම සමුළුව දින තුනක කාලයක් පැවැත්වේ.

මානව හිමිකම් සුරැකීමේ හා ප්‍රවර්ධනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව යන්න තේමාව කරගත් විවිධ මාතෘකාවන් ඔස්සේ මෙහි දී සැසිවාර පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ, විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, විජිත හේරත්, ඉම්රාන් මහරුෆ්, ශාන්ත ශ්‍රී ස්කන්ධරාජා මහත්ම මහත්මීන් ඒ සඳහා සහභාගි වීමට නියමිතයි.