17072024Wed
Last update:Wed, 08 May 2024

ඥණසාර හිමිට නඩු පිට නඩු

galaboda vijithaපූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් 2014-04-09 වන දින කොළඹ නිපොන් හෝටලයේ පවත්වන ලද මාධ්‍ය හමුවට බාධා කිරීම සම්බන්ධ සිද්ධියට අධිකරණය හමුවේ පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ දෙවන විත්තිකරු වන විතාරන්දෙණියේ නන්ද,හය වන විත්තිකරු වන කිරිගල්පොත්තේ චන්දානන්ද හිමිවරුන්ට කොටුව මෙහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අද (01) වරෙන්තු නිකුත් කළේය.

විතාරන්දෙණියේ නන්ද,කිරින්දේ චන්දානන්ද හිමිවරුන් දෙනම ධර්ම ප්‍රචාරක කටුයුත සඳහා විදේශ ගතව ඇති බව විත්තිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ සුදර්ශනි ගුණරත්න මහත්මිය අධිකරණය හමුවේ කියා සිටි අතර ඒ සඳහා අධිකරණය අවසර දී නැතැයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් 2014-04-09 වන දින කොළඹ නිපොන් හෝටලයේ පවත්වන ලද මාධ්‍ය හමුවට කඩා වැදී පවත්වමින් තිබූ මාධ්‍ය හමුවකට බාධා කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥණසාර ,විතාරන්දෙණීයේ නන්ද ,වැලිමඩ චන්දරතන ,වැල්ලම් පිටියේ සුමනධම්ම ,ආරියවංශගම සමුද්ධි , කිරිගල්පොත්තේ චන්දාන්නද හිමිවරුන් මෙන්ම පානනී වෑවල,කංකානම් පතිරණගේ ගුණවර්ධන යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

කුරානයට අපහාස කිරිම සම්බන්ධයෙන් පවරා තිබූ තවත් නඩුවක් එදිනම විභාගයට ගත් අතර එම නඩුවේ විත්තිරුවන බන්ධනාගාරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඉදිරි නඩු වාරයේදි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

කොළඹ නිපොන් හෝටලයේ පවැති මාධ්‍ය හමුවකට බාධා කිරිම සම්බන්ධයෙන් ඉහත සිද්ධියට අදාළ සාක්ෂි සටහන් කර ගැනීමට කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිනෙන ලෙස කළ දැනුම් දීමකට අනුව කොම්පඤ්ඤවීදය පොලීසියට පැමිණී ඥණසාර හිමියන් මාධ්‍ය්‍යට කරුණු දක්වමින් ඉස්ලාම් ධර්මයටත් කුරාණයටත් අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් ‍නූර්ඩීන් මොහොමඩ් තාජුඩීන් නැමැත්තෙකු විසින් කොළඹ අපරාධ කොට්ඨාෂයට 2014-4-16 වන දින සිදු කළ පැමිණීල්ලකට අනුව එම නඩුව කැඳවා තිබිණි.

පැමිණීල්ල වෙනුවෙන් නීතිඥ මෛත්‍රි ගුණරත්න,සරත් සිරිවර්ධන, සහ ශිරාස් නූර්ඩීන් මහත්වරුන්ද විත්තිය වෙනුවෙන් නීතිඥ සුදර්ශනී ගුණරත්න මහත්මියද පෙනි සිටියේය.