06052024Mon
Last update:Thu, 18 Apr 2024

රටේ සියලූ ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් උදා කර දීමට කැපවන බව ජනපති පවසයි.

President01 22 2016 වර්ෂය රටේ ආර්ථීකය ගොඩනගන වර්ෂය බව පැවසූ ජනාධිපතිතුමා මෙම වර්ෂයේදී රටේ සියලූ ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් උදා කර දීම සඳහා වැඩසටහනක් රැසක් කි්‍රයාවට නංවන බවද පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ සමෘද්ධිලාභි සිසු දරුවන් 10.000 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අද (27) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රජය මෙම වසරේ වෙන් කර ඇති මුදල මීට පෙර කිසිදු රජයක් වෙන් කර නොමැති ආකාරයේ විශාල මුදලක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහාද අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් එම කටයුතු ආරම්භ කර තිඛෙන බව ප්‍රකාශ කළේය.

රජය කරන්නේ කුමක්දැයි ඇතැමුන් ප්‍රශ්ණ කළත් රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඒ අතරතුර රටේ ජනතාව දුගී භාවයෙන් මුදවාගෙන ඔවුන්ට සමෘද්ධිමත් ජීවිතයක් උදා කරදීමේ වැඩපිළිවෙලටද රජය මේ වන විට අවතීර්ණ වී සිටින බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

ජනාධිපතිතුමා සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ද එක් විය.

සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන රන්ජන් රාමනායක, කරුණාරත්න පරණවිතාන, සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළුපිරිසක්ද ශිෂ්‍යත්වලාභි දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ජනමාධ්‍ය අධ්‍යයනය සහ පුවත්පත් කලාව සඳහාවන පාඨමාලාවේ වාර්ෂික සහතිකපත් ප්‍රදානෝත්සවයද ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ජනාධිපතිතුමා එහිදීද සංකේතාත්මකව සහතිකපත් ප්‍රදානය කිරීමට එක් විය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා සහ ජාතික පුවත් පත් මණ්ඩලයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
02 03 08 09