11042025Fri
Last update:Tue, 07 Jan 2025

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ගැටලුවලට විශේෂ නිලධාරියෙක්

ranil wickramasinghe28දහ අට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වන විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට මුහුණ පෑමට සිදු වන අවහිරතා පිළිබඳව සොයා බලා ඒවාට විසඳුම් ලබා දීමට ඔම්බුඩ්ස්මන් යට‍තේ විශේෂ නිලධාරියකු පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ.

එවැනි පුද්ගලයන්ට විඳීමට සිදු වන අවහිරතා සහ ප්‍රශ්න සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ මහතාට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන ඔවුන් වෙනුවෙන් වෙනම නිලධාරියකු පත් කිරීමට අගමැතිවරයා තීරණය කර තිබේ. විශේෂ අවශ්‍යතා ඇති අයට ඔවුන්ගේ පැමිණිලි ඔම්බුඩ්ස්මන්වරයා විසින් පත් කෙ‍රෙන නිලධාරියාට පහසුවෙන් ඉදිරිපත් කළ හැකි විශේෂ ක්‍රමවේදයක් සකසන ලෙස අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ඔමුබුඩ්ස්මන්වරයාට දැනුම් දී තිබේ.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ සංගණන වාර්තා අනුව මෙරට වාර්තා වන විශේෂ අවශ්‍යතා ඇති පුද්ගල සංඛ්‍යාව 18,95,000කි.