06052024Mon
Last update:Thu, 18 Apr 2024

ව්‍යවස්ථා මත විමසුමේ ප්‍රගතිය ගැන ජනපති-අගමැති දැනුවත් කරනවා

parliament 1මෙතෙක් ලබාගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධව දැනුවත් කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හමුවන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මහජන මත විමසීමේ කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා “දිනමිණ” ට පැවසීය. ‍

පෙබරවාරි පළමුවැනිදා සහ දෙවැනිදා මහනුවරට ගොස් මහනායක හිමිවරුන් බැහැදැක උන්වහන්සේලාගේ අදහස් හා යෝජනා ලබාගන්නා බවත් ඒ මහතා පැවසීය. මෙම 29 දා සවස හතරට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් හමුවී අදහස් හා යෝජනා ලබාගන්නා බවත්, අධිනීතිඥ විජේනායක මහතා පැවැසීය.

කමිටුව කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එදිනට පැමිණෙන ලෙසට අගරදගුරුතුමන් කමිටුවට දන්වා ඇත. සෙසු ආගමික නායකයින් ද දැනුම්වත් කර ඇති අතර ලබාදෙන දිනයට කමිටුව එම ආගමික නායකයින් හමුවට ගොස් අදහස් හා යෝජනා ලබාගැනීමට නියමිතය.