17072024Wed
Last update:Wed, 08 May 2024

පලාත් සභාවට බලය පැවරෙන ව්‍යවස්ථාවක් ඕනෑ

warada rajaaයෝජිත ව්‍යාවස්ථා සංශෝධනයේදි පොලිස් බලතල ඇතුලු බලතල සහිත පලාත් සභාවකට බලය පැවරෙන පරිදි සංශෝධනයක් අවශ්‍ය යැයි උතුරු නැගෙනහිර පලාත් සභාවේ හිටපු මහ ඇමති ඊ.පි.ආර්.එල්.එෆ්.නායක වර්දරාජා පෙරුමාල් පැවසිය.

ඊලාම් ජනතා විප්ලවකාරි විමුක්ති පෙරමුණ හෙවත් ඊ.පි.ආර්.එල්.එෆ්. සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි හිටපු මහා ඇමතිවරයා මේ බව සදහන් කර ඇත.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු වර්ධරාජා පෙරුමාල්

13වන ව්‍යාවස්ථා සංශෝධනයෙන් පලාත් සභා ඇතික‍රේ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණලට විසදුමක් ලෙස බලය විමධ්‍යගත කරනවා කියලා.

නමුත් වර්තමානයේ උතුරු නැගනහිර පලාත්සභාව කිසිදු බලයක් නැහැ.

පලාත් සභාව යම් ප්‍රඥප්තියක් හෝ නිතියක් සම්මත කරගත හොත් එයට අනුමැතිය ගන්න ආණ්ඩුකාරවරයාට යවන්න ඕන.

ආණ්ඩුකාරවරයා එය මාස කිහිපයක් ප්‍රමාද කරලා නිතිපතිට යවනවා.

ජනතා ජන්දයෙන් පත්වු පලාත් ඇමතිට කිසිදු බලයක් නැහැ.

ඒ තත්ත්වය වෙනස් විය යුතුයි.

පලාත් සභාවකට මුදල් එකතු කිරිමේ බලයක් නැහැ.

මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත යැපෙන තත්වයකට අද පලාත් සභාවත් පත්වෙලා.

ඒ නිසා මෙම ගැටලු විසදෙන විදිහේ ව්‍යාවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙනවා.

උතුරු නැගෙනහිර ප්‍රශ්ණයට බලය විමධ්‍යගත කරනවා කිව්වාට ප්‍රශ්ණයට විසදුමක් ලැබිලා නැහැ.