18052024Sat
Last update:Wed, 08 May 2024

රටේ ජනතාව අතර සාමය සහ සංහිඳීයාව ගොඩනැගීම නීතියෙන් පමණක් කළ නොහැකියි- ජනපති

02 11 18Janරටේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම නීතියෙන් හෝ අලූතින් සම්මත කර ගන්නා පනතකින් පමණක් කළ නොහැකි බවත් එය සිදු කළ හැක්කේ ආගමික දර්ශනය අනුව බවත් ජනාධිපතිතුමා පවසයි.

එබැවින් රටේ සියලූ ජන කොටස් අතර බිය, සැක තුරන් කර සාමය සහ සහෝදරත්වය ගොඩනැගීමට රජය ඇරඹු වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට පෙරට එන ලෙස තමා සියලූ ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කලූතර, පයාගල හින්දු විද්‍යාලයේ 2016 තෛපොංගල් උත්සවයට අද (18) පෙරවරුවේ එක් වෙමිනි.

පාසල් සිසුන් අතර ජාතික සමගිය සහ සංහිඳියාව ප්‍රවර්ධනය සඳහා ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම් මෙවලමක් ලෙස යොදා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සසු දරුවන් විසින් හින්දු චාරිත්‍රානුකූලව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.
හින්දු ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කිරිමද මෙහිදී සිදු විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට ගොඩනැගීමේදී ජාති, ආගම් බේද බාධාවක් කර ගත නොහැකි බවයි. රටේ සියලූ ජන කොටස් සාමයෙන් සමගියෙන් මෙන්ම සාධාරණ සමාජයක ජීවත්වනු දැකීම තම අරමුණ බවද ජනාධිපතිතුමා පැවසීය.

ජාතික සංහිඳීයා වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට දේශපාලඥයින්ට වඩා වැඩි කාර්ය භාරයක් ආගමික නායකයින්ට ඉටු කළ හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ජාතික සංහිඳීයා වැඩපිළිවෙල ශක්තිමත් කර නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අන්දමින් මුල් පදනම සැකසීමට එක්වන ලෙස මහා සංඝරත්නය ප්‍රමුඛ හින්දු, කතෝලික ඉස්ලාමීය සියලූ පූජකවරුන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියද, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි, රංජිත් සේමවංශ යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ද, විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

07
13 10 09
06 01  05