03092025Wed
Last update:Wed, 04 Jun 2025

විශාලතම නිල් මැණික පාෂාණයක්

gemඑම මැණික බේරුවල ප්‍ර‍දේශයේ ව්‍යාපාරිකයකුට අයත් බව අනාවරණය වූ අතර එය මෙතෙක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව එහි සභාපති අසංක වෙලගෙදර මහතා කියා සිටියේය.

තද නිල් පැහැති ග්‍රෑම් 480 කබරකින් යුත් මෙම පාෂාණය බේරුවල ව්‍යාපාරිකයාට හමු වී ඇත්තේ මීට මසකට පෙර වන අතර එය දඹුල්ල - ඇලහැර ප්‍රදේශයේ පුද්ගලයෙකු එම පාෂාණය එම ව්‍යාපාරිකයාට අලෙවි කර තිබිණි. කැරට් 1404 ක් බරකින් යුතු එම පාෂාණය වූ ශ්‍රී ලංකාවෙන් හමුවු විශාලතම මැණික ලෙස මීට සති දෙකකට පෙර වාර්තා වූ අතර, එය නිල් ආර්නූල් වර්ගයේ මැණිකක් ලෙස වාර්තා විය. කොළඹ මැණික් අධ්‍යයන ආයතනය එම මැණික තක්සේරු කර තිබුණේ රුපියල් කෝටි 1400 කටයි.