18052024Sat
Last update:Wed, 08 May 2024

ඓතිහාසික යෝජනාව පාර්ලිමේන්තුවට

01 eithiරටට ගැලපෙන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන‍ ‍‍ ඵෙතිහාසික යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, මලික් සමරවික්‍රම,ඩී ස්වාමිනාදන්, අචාර්ය විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ නමින් මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටය ඇතුළත් කර ඇත.

ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට එම යෝජනාව පර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු යැයි ශ්‍රී ලංකා ජනතාව අතර පුළුල් එකඟතාවක් ඇති හෙයින්ද, ප්‍රජාතන්ත්‍රවාදය සවිමත් කෙරෙන දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමෙහිලා පැහැදිලි ජනවරමක් ලබා දී ඇති හෙයින්ද,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවක් සම්මත කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කර ඇති හෙයින් ද,මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරනා වූද, ජාතික ප්‍රශ්නයට විසඳුම් සපයන්නා වූද, පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය යනුවෙන් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් තිබිය යුතු යැයි පාර්ලිමේන්තුව යෝජන සම්මත කරයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කතානායකවරයා කටයුතු කළ යුතු අතර නියෝජ්‍ය සභාපතිවරුන් හත් දෙනෙකු නම් කළ හැකිය.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අනුකමිටු ගණනාවකින් සමන්විත අතර මෙය මහ ජනතාවට විවෘත විය යුතු බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්වේ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ කතානායකවරයා ය.

නියෝජ්‍ය සභාපතිවරු හත් දෙනෙකි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම සඳහා ගණපූරණය විස්සක් තිබිය යුතු බවද යෝජනා කර තිබේ.