21102025Tue
Last update:Fri, 10 Oct 2025

ශ්‍රී ලංකා ආර්ථීක සමුළුව සජීවී විකාශය.

sl economic forumශ්‍රී ලංකාවට ආර්ථීක සෞභාග්‍යය උදා කර ගත හැකි නව මං සොයා යෑම අරමුණු කර ගෙන පළමු වරට සංවිධානය කෙරෙන 'ශ්‍රී ලංකා ආර්ථීක සමුළුව' මේ වන විට ආරම්භ වී තිබේ. 

2023 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථීක නව මං මාවත් සොයා ගැනීම අරමුණු කර ගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම සමුළුව පැවැත් වෙයි.

ප්‍රකට ආර්ථීක විශේෂඥයෙකු වන ඕපන් සොසයිටි සමාගමේ සභාපති ජෝර්ජ් සොරොස් මහතා සහ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්ය නොඛෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට් යන මහත්වරු ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වේ.