21102025Tue
Last update:Fri, 10 Oct 2025

විශේෂ රථ වාහන සැලැස්මක්

trafficපාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ, අද පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව ය.

ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය, බණ්ඩාරනායක වටරවුම, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත, ඉන්ද්‍රම් හංදිය, සද්ධර්ම මාවත, ප්‍රදීප මාවත, සංඝරාජ වටරවුම, පංචිකාවත්ත, මරදාන, ඩාලි පාර, ගාමිණී වටරවුම, ඩී.ආර්. විජේවර්ධන මාවත, රීගල් වටරවුම, පාසන් පාර 02, කොම්පඤ්ඤ වීදිය පොලීසිය ඉදිරිපිට වටරවුම දක්වා අදාළ කාලය තුළ රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.

මේ අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹට ඇතුලු වීමේ ස්ථානයේ තදබදයක් පවතියි.

කිලෝමීටරයක් පමණ දුරට වාහන පෝලිමක් ඇති බව ද සදහන්.