17072024Wed
Last update:Wed, 08 May 2024

පාස්පෝර්ට් ගණන් උස්සයි

sri lanka passportවිදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු අද සිට වැඩිවීමට නියමිතය.

ඒ අනුව සෑම රටක් සඳහාම නිකුත් කරන (All Country) විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 3000 දක්වාත්, එක්දින සේවයෙන් ලබාගන්නා බලපත්‍ර සඳහා වන ගාස්තුව රුපියල් 10,000 දක්වාත් වැඩිවේ.

එසේම අවුරදු 16ට අඩු දරුවන් වෙනුවෙන් නිකුත් කරන සියලු රටවල් සඳහා බලපාන විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 3000 දක්වා වැඩිකර තිබේ.

මේ අතර ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් අයදුම් කරන්නන්ට එහි ප්‍රධාන අයදුම්කරුට ගෙවීමට තිබූ ගාස්තුව රුපියල් 250,000 සිට 300,000 දක්වා වෙනස් වන අතර අනෙක් අයදුම්කරුවන්ගේ රුපියල් 50,000 ගාස්තුව වෙනස් නොවේ.